BBC News, සිංහල - ප්‍රධාන පුවත්
ප්‍රධාන පුවත
'ඒ වගේ දෙයක් වුණා ම අපි කාට ද කියන්නේ?'- ජපානයේදී 'ඝාතනය වූ' තරුණයාගේ පියා
ප්‍රවීන්ගේ පවුලේ සාමාජිකයින් හමුවීමට බීබීසීය ඔහුගේ නිවස වෙත ගිය අවස්ථාවේ අපට ඔහුගේ පියා, ජේ.ඒ. ලයනල් සුසසන්ත ජයකොඩි සමග කතාබහක නිරත වීමට හැකි විය. ඉකුත් අප්‍රේල් මස 8 වන දා තම පුතු අධ්‍යාපන කටයුතු සඳහා ජපානය බලා ගිය බව ඔහු අප හා පැවසීය.
Air India ගුවන් නියමුවරයෙකු ගංජා භාවිත කළ බව හෙළි වීමෙන් පසු නියමුවන් සියල්ල පරීක්ෂාවට
පසුගිය සතියේ පුකෙට් සිට දිල්ලි බලා පියාසර කළ ගුවන් යානයක් ක්ෂණිකව පහළට ඇදී යාමේ සිදුවීමක් මෙයට හේතු වී ඇත. මූලික වාර්තාවලට අනුව එහි සිටි ජ්‍යෙෂ්ඨ ගුවන් නියමුවාට නැවත වරක් තහනම් ද්‍රව්‍ය පරීක්ෂණයක් කිරීමට සිදු වූ අතර, ඔහු ගංජා භාවිත කර ඇති බවට එහිදී තහවුරු වී ඇති බව වාර්තා වේ.
ඔබේ දරුවා සෝෂල් මීඩියාවල 'ස්ටාර්' කෙනෙක් ද? නැත්නම් 'ගොදුරක්' ද?
"අපේ පුතා කියන 'සත්‍ය බොහෝ ම කටුකයි' කියන වීඩියෝ එක වෛරල් යද්දී මම වයිෆ්ට කිව්වා මේක අපි අයින් කරමු කියලා. පස්සේ ඒ වීඩියෝ එක දැකලා පුතාගේ පෙරපාසල් ගුරුවරිය කතා කරලා කිව්වා ඒක අයින් කරන්න එපා කියලා. ඒ වගේ ම දරුවට දැන් මීඩියා ඉගෙන ගන්න අවස්ථාවකුත් ඒ නිසා ම ලැබිලා තියෙනවා," එම දරුවාගේ පියා බීබීසී සිංහල වෙත පැවසුවේ ය.
තනිවුණු චීන පිරිමින් ව්‍යාජ මනාලියන්ට රැවටෙන හැටි
37 හැවිරිදි වැන්ග් ෂුවාං ආකර්ෂණීය මංගල දැන්වීම් දකින තෙක්, බිරිඳක් සොයා ගැනීමේ සිය බලාපොරොත්තුව අතහැර දමා තිබුණේය. අනාගතයක් ඇති සම්බන්ධතාවයක් ගොඩනඟා ගැනීමට ඔහුට වසර ගණනාවක් නාස්ති කිරීමට සිදු නොවන බවට ඔවුන් පොරොන්දු විය. ඔවුන් ඔහුව සංයමයෙන් යුතු ලෙන්ගතු කාන්තාවකට හඳුන්වා දීමට ඉදිරිපත් විය.
වීඩියෝ, 'පිපුණු තිසරුන්': ලතින් කංකාරිය මුල් ගායන ශිලිපිනී හෂාණි වාසනා බීබීසීයට කතා කරයි, ධාවන කාලය 10,16
'ලතින් කංකාරිය' මේ දිනවල සමාජ මාධ්‍යවල ජනප්‍රිය ගීතයක් බවට පත්ව තිබේ. එය කොතෙක් ජනප්‍රිය ද යත් එම ගීතයේ 'covers' සහ විවිධ අන්තර්ගතයන් TikTok, Instagram මෙන් ම Facebookහි පවා දැක ගත හැකියි.
ඉන්දියා - ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලිය: 'වැඩි ම ලකුණු', 'අඩු ම ලකුණු' වාර්තා රැසක් මැද යළිත් ගැටෙන අසල්වැසියෝ
ලෝක ටෙස්ට් තරග ඉතිහාසයේ ඉනිමකදී වැඩි ම ලකුණු සංඛ්‍යාව රැස් කළ කණ්ඩායම ලෙස ඉදිරියෙන් ම සිටින්නේ ශ්‍රී ලංකාව ය. එම දක්ෂතාව දැක්වූයේ ද, ඉන්දියාවට එරෙහිව ය. ඒ, 1997 වසරේදී කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී කඩුලු 6කට ලකුණු 952ක් රැස් කරමිනි. ශ්‍රී ලංකා කණ්ඩායම එලෙස බිඳ දැමුවේ එංගලන්තය 1938 වසරේදී ඔස්ට්‍රේලියාවට එරෙහිව ලකුණු 903ක් රැස් කරමින් පිහිටුවා තිබූ වාර්තාව ය.
BBC News සිංහල දැන් WhatsApp ඔස්සේ
ඔබට ඩේටා ඉතුරු කර ගැනීමට අවශ්‍ය ද?
අවම ඩේටා ප්‍රමාණයකින් කියවිය හැකි අපගේ පෙළ පමණක් සහිත වෙබ් පිටුව කියවන්න
විශේෂාංග
'මත්ද්‍රව්‍ය පරික්ෂාවන් බව පවසමින්' පොලිසියට ඔබගේ ශරීරාංග ප්‍රසිද්ධ ස්ථානවලදී පරීක්ෂා කළ හැකි ද?
"ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11 ව්‍යවස්ථාවේ තියෙනවා පුද්ගලයෙක් කුරිරු අමානුෂික වධ බන්ධනයන්ට ලක්වීම මූලික අයිතිවාසිකම් කඩවීමක් කියලා. මේ වධ බන්ධනය ශාරීරික වෙන්නත් පුළුවන්, මානසිකව වෙන්නත් පුළුවන්. ඒ වගන්තියේ ශාරීරික සහ මානසික කියන එක නිශ්චිතව දක්වලා තියෙනවා. කෙනෙක්ට ගහලා කරලා නැති වෙන්න පුළුවන් හැබැයි මානසිකව ඇදවැටෙන විදිහට නම් ඒ දේවල් කරලා තියෙන්නේ එතැනදී ප්‍රශ්නයක් තියෙනවා"
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ව්‍යවස්ථාවට සිදුවිය හැකි වෙනස්කම් මොනවා ද?
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව මේ වන විට දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ. ඊට අදාළ පනත් කෙටුම්පත ඇතුළත් ගැසට් පත්‍රය අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයාගේ නියමය පරිදි 2026 අගෝස්තු 07 වන දා නිකුත් කෙරිණි.
ගණේමුල්ල සංජීව ඝාතනය: රැඳවුම් නියෝග කාලය අවසන් කළ ඉෂාරා සෙව්වන්දිට අධිකරණය දුන් නියෝගය
කොළඹ අපරාධ කොට්ඨාසය මෙම සැකකාරිය අද (අගෝ: 10) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලියාන් වරුසවිතාන හමුවට පමුණුවමින් දැනුම් දී තිබුණේ මෙම සැකකාරියට අදාළ රැඳවුම් නියෝග මේ වනවිට අවසන් වී තිබෙන බව ය. ඒ අනුව සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කළ බව පොලිසිය දැනුම් දුන්නේ ය.
පාස්කු ඉරිදා ප්‍රහාරය: 'මරණීය දණ්ඩනය පිළිගන්නේ නැහැ' - කතෝලික සභාව
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර මාලාව වළක්වා ගැනීමට කටයුතු නොකිරීම, රාජකාරිය පැහැර හැරීම සහ මනුෂ්‍ය ඝාතනයට අනුබල දීමේ චෝදනාවලට වරදකරුවන් කෙරුණු හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට සහ හිටපු ආරක්ෂක අමාත්‍යංශ ලේකම් හේමසිරි ප්‍රනාන්දුට මරණ දඬුවම හිමිව ඇති පසුබිමක මරණ දණ්ඩනය පිළිනොගන්නා කාදිනල් හිමියන් ප්‍රකාශ කර තිබේ.
අලි - මිනිස් ගැටුම අවම කරන්න ආණ්ඩුව හඳුන්වා දීමට යන 'උණ බම්බු ජෛව වැට' කුමක් ද?
අලි - මිනිස් ගැටුම හේතුවෙන් වාර්ෂිකව මෙරට මිනිස් ජීවිත 100කට වැඩි සංඛ්‍යාවක් සහ අලි ඇතුන් 300කට වැඩි සංඛ්‍යාවක් මිය යන බව දත්ත වාර්තාවල සඳහන් වේ. එසේ අලි - මිනිස් ගැටුම පාලනය කිරීම වෙනුවෙන් යෙදූ විසඳුම් අතර විදුලි වැට අද වන විටත් භාවිත වන අතර, ඒවා ද කඩා දමා අලි ගම්වදින අවස්ථා රැසක් වාර්තා වී තිබේ.




















































