ඉම්රාන් ඛාන් ලෝකයට අහිමි වෙයි ද? ඉම්රාන් ඛාන් හදිසි වෛද්‍ය ප්‍රතිකාර ඉල්ලයි

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, කැරලයින් ඩේවිඩ් සහ කෙලී එන්ග්
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 3
සිරගත කර සිටින පකිස්ථානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්, තමන්ගේ සහ බිරිඳගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහෙමින් පවතින බව පවසමින් හදිසි වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙන ලෙස ඉල්ලා තිබේ.
"වයස 74 දී, මෙම නොනවතින රෝගී තත්ත්වය මාව පණපිටින් ආපසු යා නොහැකි තැනකට ගෙන යනවා," ක්‍රිකට් තරුවක්ව සිට දේශපාලනඥයෙකු බවට පත්වූ ඔහු තම නීතිඥ සල්මන් සෆ්දාර් විසින් ප්‍රකාශයට පත් කරන ලද ලිපියක ලියා තිබේ.
ඉස්ලාමාබාද් බලධාරීන් පවසන්නේ, ඛාන් "සෑහීමකට පත්වන" සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන බව තක්සේරු කර ඇති වෛද්‍යවරුන් ඔහුව සතිපතා හමුවන බව ය.
චෝදනා 100කට අධික සංඛ්‍යාවකට මුහුණ දී සිටින ඛාන් 2023 අගෝස්තු මාසයේ සිට සිරගතව සිටී. ඔහුගේ බිරිඳ බුෂ්රා බිබි ද පසුගිය වසරේ ඔහු සමග සිරගත කරන ලදී. දූෂණයේ සිට රාජ්‍ය තෑගි විකිණීම දක්වා ඔවුන්ට එරෙහිව ඇති නඩු දේශපාලනික වශයෙන් අභිප්‍රේරණය වූ ඒවා බව ඛාන් තර්ක කරයි.
පසුගිය වසර තුළ ඛාන්ගේ සෞඛ්‍යය පිළිබඳ කණස්සල්ල වැඩි වී ඇති අතර, බන්ධනාගාර බලධාරීන් පියවර නොගැනීමෙන් පසු ඔහුගේ දකුණු ඇසේ පෙනීම නැති වී ඇති බව ඔහුගේ පවුලේ සාමාජිකයෝ ප්‍රකාශ කරති.
"මොළයේ රුධිර වහනයකට සහ හෘදයාබාධයකට ගොදුරු වීමේ අවදානම ඉතා ඉහළ යි" යනුවෙන් වෛද්‍යවරුන් තමාට පවසා ඇති බවත්, ඔහුගේ හදවතට දැනටමත් "හානි සිදුවී ඇති" බවත් ඛාන් සිය ලිපියේ ලියා තිබේ.
බුෂ්රා බිබී සම්බන්ධයෙන් ද ඔහු කණස්සල්ල පළ කළ අතර, අප්‍රේල් මාසයේදී ඇයගේ දෘෂ්ටි විතානයේ ඇති වූ ආබාධායක් හේතුවෙන් සැත්කමකට භාජනය වූ බව ඔහු පවසයි. තවදුරටත් සැත්කමකින් තොරව ඇයට පෙනීම නැති වේ යැයි බියක් ඇති බව ඛාන් පැවසීය.
"මම නඩු සිය ගණනකදී දුෂ්කර නීතිමය සටන් කර ඇති අතර, මම තවමත් නතර වී නැත. නමුත් පද්ධතිය මට යුක්තිය ඉටු කිරීම නවතා දමා ඇත," ඔහු ලිවී ය.
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
දිනකට පැය 22ක් දක්වා හුදෙකලා සිරකඳවුරක රඳවා සිටින බවත්, එහිදී ඔහුගේ පවුලේ අය බැලීමට හෝ පොත්පත් සහ රූපවාහිනිය නැරඹීමට ඔහුට අවසර නොමැති බවත්, මෙය ඔහුගේ මානසික සෞඛ්‍යයට "දැඩි හානියක්" කර ඇති බවත් ඔහු පැවසීය.
පසුගිය වසර තුළ තමා තම නීතිඥවරුන් හමුවී ඇත්තේ, සිව් වතාවක් පමණක් බව ද ඔහු පැවසීය.
"මම ජීවතුන් අතර සිටියොත් පමණයි මගේ නිර්දෝෂීභාවය ඔප්පු කිරීමට හැකි වෙන්නේ" ඔහු ලිවීය.
පකිස්ථාන පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය තාරික් ෆසාල් චෞද්රි මෙම ප්‍රකාශ ප්‍රතික්ෂේප කරමින් කියා සිටියේ, ඛාන්ට "ඔහු විසින් ම තෝරා ගනු ලබන ආහාර ඇතුළුව බන්ධනාගාරය තුළ සියලු පහසුකම් සපයා ඇති" බව ය.
"[ඔහු] දැනට පකිස්ථානයේ වඩාත් ම හොඳින් රඳවාගෙන සිටින සිරකරුවා" යැයි අමාත්‍යවරයා වාර්තාකරුවන්ට පැවසීය.
සතියකට පෙර ඛාන්ව අක්ෂි එන්නතක් සඳහා රජයේ රෝහලකට ගෙන ගිය බවත්, එහිදී වෛද්‍යවරුන් ඔහුගේ තත්ත්වය "සායනිකව ස්ථාවර" බව සැලකූ බවත් බලධාරීහු පවසති.
මීට පෙර පකිස්ථාන ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දැරූ ඛාන්, 2018 සිට 2022 දක්වා පකිස්ථාන අගමැති ධුරය හෙබවීය.
2023 මැයි මාසයේදී ඔහු අත්අඩංගුවට ගැනීමත් සමග ආධාරකරුවන් විසින් විශාල පරිමාණයේ, ප්‍රචණ්ඩකාරී විරෝධතා ඇති කරන ලද අතර, ඔවුන් ලාහෝර්හි බළකා අණදෙන නිලධාරියාගේ නිවස කොල්ලකා, පහන් කූඩු කඩා, ගෘහ භාණ්ඩ, සිතුවම් සහ මොනරුන් පවා පැහැරගෙන ගියහ.
විරෝධතාවලදී අවම වශයෙන් පුද්ගලයින් අට දෙනෙකු මිය ගිය අතර ප්රචණ්ඩත්වය මැඩපැවැත්වීම සඳහා හමුදාව කැඳවන ලදී.
සිරගතව සිටියත්, ඛාන් පකිස්ථාන දේශපාලනයේ බලවේගයක් ලෙස පවතී.
ඔක්තෝබර් මස මුලදී ඔහුගේ ආධාරකරුවන් දහස් ගණනක් වීදි බැස ඔහු නිදහස් කරන ලෙස ඉල්ලා දින ගණනක් පුරා පැවති පාගමනක නිරත වූහ. පසුව බලධාරීන් විරෝධතා මර්දනය කිරීමට නියෝග කළ අතර ඛාන්ගේ පක්ෂ බලකොටුව වන කයිබර් පක්තුන්ක්වාහි හදිසි තත්ත්වයක් පැනවීය.
ඛාන්ට නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙන ලෙස අවධාරණය කරමින් හිටපු ජාත්‍යන්තර ක්‍රිකට් නායකයින් මෑත මාසවලදී පාකිස්ථාන අගමැති ෂබාස් ෂරීෆ් වෙත ඉල්ලීම් කිහිපයක් ම ඉදිරිපත් කර තිබේ.

































