BBC News, සිංහල - ප්‍රධාන පුවත්
ප්‍රධාන පුවත
ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 21ක HIV ආසාදන ඉහළට: එයට බලපෑ හේතු මොනවා ද?
ඇෆ්ඝනිස්ථානය, ශ්‍රී ලංකාව, නේපාලය, කෙන්යාව, සුඩානය, බ්‍රසීලය, පකිස්ථානය, යේමනය, ඊජිප්තුව, සෙනගාලය සහ පිලිපීනය ඇතුළු රටවල් 21ක සහ කලාප තුනක නව HIV ආසාදන සංඛ්‍යාව 2025 වසරේදී ඉහළ ගිය බව UNAids ආයතනය පවසයි.
සුරේෂ් සලේ ගැන වෛද්‍ය වාර්තා දුන් ජාතික රෝහලේ අධ්‍යක්ෂට සහ වෛද්‍යවරුන් 10 දෙනෙකුට නොතීසි
පාස්කු ඉරිදා එල්ල කළ මාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කරන රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ පරීක්ෂා කර ඔහු සම්බන්ධයෙන් වාර්තා ඉදිරිපත් කළ ජාතික රෝහලේ අධ්‍යක්ෂකවරයාට සහ වෛද්‍ය මණ්ඩලයේ සාමාජිකයින් වශයෙන් කටයුතු කළ වෛද්‍යවරුන් දස දෙනාට නොතීසි නිකුත් කර තිබේ.
ක්‍රිකට් නීති පොත අලුත් වෙයි: ICC නව නීති මෙන්න
නව තරග කොන්දේසිත් සමග විවිධ තරග රටාවන් හරහා සිදුවන ප්‍රධාන වෙනස්කම් අතරට දහවල් ටෙස්ට් තරග සඳහා රෝස පන්දු භාවිතය සහ පිතිකරුවන් කාලය අපතේ හැරීම වෙනුවෙන් පනවන දඬුවම් ද ඇතුළත් වේ. මෙම වෙනස්කම් ඔක්තෝබර් 1 වන දා හෝ ඉන්පසුව ආරම්භ වන සියලු ම ජාත්‍යන්තර තරගාවලි සඳහා බලපැවැත්වෙන අතර, දැනට පැවැත්වෙන තරගාවලි පෙර පැවති රෙගුලාසිවලට අනුව ම ක්‍රියාත්මක වනු ඇත.
'මම තනිවෙයි කියල මට බය යි': AI පෙම්වතුන් පෙම්වතියන්ට චීනය දැඩි සීමා පනවයි
මිනිස් සබඳතා අනුකරණය කළ හැකි AI චැට්බොට්වලට චීන රජය සීමා පනවා තිබේ. එය නිවැරදි පියවරක් ද යන්න පිළිබඳව විශේෂඥයෝ ප්‍රශ්න කරති.
BBC News සිංහල දැන් WhatsApp ඔස්සේ
ඔබට ඩේටා ඉතුරු කර ගැනීමට අවශ්‍ය ද?
අවම ඩේටා ප්‍රමාණයකින් කියවිය හැකි අපගේ පෙළ පමණක් සහිත වෙබ් පිටුව කියවන්න
වෘත්තීය සහ දිවිමග
විශේෂාංග
රිය ධාවනය කරන අතරතුර වනඅලියෙකු හමු වුණොත් කළ යුත්තේ කුමක් ද?
ශ්‍රී ලංකාවේ ඇතැම් ප්‍රදේශවල මහමග ගමන් කරන අතරතුර වන අලි හමුවීම සමහර රියැදුරන්ට සහ මගීන්ට අලුත් අත්දැකීමක් නොවේ. කෙසේ වෙතත්, සමාජ මාධ්‍යවල සංසරණය වන ඇතැම් වීඩියෝවල දැක්වෙන්නේ එවැනි අවස්ථාවලදී වාහනවල සිටින පුද්ගලයින් වන අලින්ට ආහාර ලබා දී හෝ අලියාට ඉතා ආසන්නයෙන් ගමන් කර එම සත්වයා මගහැර යාමට උත්සහ දරන ආකාරය යි.
ඔක්තෝබර් 01 දා ඇරඹෙන 'රියැදුරු අකුසලතා ලකුණු' ක්‍රමවේදයට අනුව රථවාහන වැරදි මොනවා ද?
ජාතික ප්‍රවාහන ක්‍රියාකාරී සැලැස්මට අනුව හඳුන්වා දෙන ප්‍රතිසංස්කරණ යටතේ රථවාහන වැරදි කරන සියලු ම රියැදුරන් සඳහා රියැදුරු අකුසලතා ලකුණු ක්‍රමවේදය (Driver Demerit Points System) ක්‍රියාත්මක කිරීමට ප්‍රවාහන අමාත්‍යංශය සැලසුම් කර තිබේ. ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායකගේ ප්‍රධානත්වයෙන් සඳුදා (සැප්: 28) පැවති මාධ්‍ය හමුවකදී අනාවරණය කළේ, මෙහි නියමු ව්‍යාපාතිය 2026 ඔක්තෝබර් 01 වන දින සිට 2027 මාර්තු මාසය දක්වා ක්‍රියාත්මක කෙරෙන බව ය.
අවසරයකින් තොරව පෞද්ගලික චැට් ප්‍රසිද්ධ කිරීම: පෞද්ගලිකත්වය සුරැකීමට නීතියක් තිබේ ද?
යම් කිසි පාර්ශවයක් සමග සිදුකළ පෞද්ගලික සංවාද (Chats) කිසිදු අවසරයකින් තොරව තවත් පාර්ශවයක් විසින් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ කිරීම පසුගිය කාල සීමාව පුරා විටින්විට නිරීක්ෂණය විය. පෞද්ගලිකව සිදුකරන ලද සංවාද මෙලෙස සමාජ මාධ්‍ය හරහා අනෙක් පාර්ශවයේ අවසර ඇතිව හෝ නොමැතිව පළකිරීම සම්බන්ධයෙන් ඇතැම් පිරිස් ප්‍රශ්න කර තිබෙන අයුරු බීබීසී සිංහල වෙත නිරීක්ෂණය විය.
'ශ්‍රී ලංකාව ආසන්න මුහුදේ ඇමෙරිකානු සම්බාධක පැනවූ ඉරාන නෞකා 21ක්' - BBC නිරීක්ෂණයකින් හෙළිවේ
“ස්වෛරී රාජ්‍යයක් විදිහටත්, ජාත්‍යන්තර සාගර සම්මුතියට අත්සන් කරලා රටක් හැටියටත් මෙතැනදී ප්‍රශ්නය එන්න හැකියාව තියෙනවා ශ්‍රී ලංකාවට. ස්වෛරී රාජ්‍යයක් හැටියට යුදමය නොවන තත්ත්වයකදී ඕනෑම රටකට සහය දෙන්න ශ්‍රී ලංකාවට කටයුතු කරන්න වෙනවා. මේ වගේ අවස්ථාවක් තමයි පහුගිය මාර්තු මාසයේදී ඉරානයේ ‘IRIS බුෂෙහර්’ නෞකාවට රැකවරණය ලබා දුන්නේ. ඒ වගේම ජාත්‍යන්තර සාගර සම්මුතියට අත්සන් කරලා තියෙන රටක් හැටියට, අපගේ මුහුදු සීමාවට අයත්වන කලාපයේදී යම් නෞකාවක් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරලා උදව් ඉල්ලුවොත් ශ්‍රී ලංකාවට ඒ සහය ලබාදෙන්න සිද්ධ වෙනවා.”



















































