Gen Z පරම්පරාව මත්පැන් වෙනුවට කාංසාව සඳහා භාවිත කරන ඖෂධ භාවිත කරන්නේ ඇයි?

An image split in two, on the left side is a medication bottle, on the right is a pint of beer.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

    • Author, ජැකී වේක්ෆීල්ඩ් සහ ඉසබෙල් ෂෝ
    • Role, ගෝලීය සෞඛ්‍ය ඒකකය - බීබීසී ලෝක සේවය
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 8

මිතුරන් සමග රාත්‍රියකදී පිටතට යාමට පෙර 20 හැවිරිදි මෙයිට උගුර හිරවන ස්වභාවයක් සහ දෑත්වල දහඩිය දැමීමක් දැනුණු අතර වැරදි යමක් කියැවෙතැයි ඇය දැඩි බියකින් පසුවූවා ය.

අනතුරුව 20 හැවිරිදි මෙම චීන විශ්වවිද්‍යාල සිසුවිය සමාජ මාධ්‍ය ඔස්සේ බෙහෙත් වට්ටෝරුවක ඇතුළත් ඖෂධ සොයා ගත්තා ය.

ඇය, අපස්මාරය, කාංසාව සහ ස්නායු වේදනාවට ප්‍රතිකාර කිරීම සඳහා සාමාන්‍යයෙන් භාවිත කරන ප්‍රිගැබලින් නමැති ඖෂධය ලබා ගැනීමෙන් ආරම්භ කළ අතර ඒ සමග හෘද රෝග සඳහා ප්‍රතිකාර කිරීම සඳහා භාවිත කරන කාංසාවේ භෞතික රෝග ලක්ෂණ සමනය කළ හැකි beta blocker ඖෂධය ද ලබා ගත්තා ය. ඇය මෙම ඖෂධ දෙක ම නීති විරෝධී ලෙස මාර්ගගත විකුණුම්කරුවන්ගෙන් මිල දී ගත්තා ය.

"මට දැනුණේ ඉතා ප්‍රීතිමත් හැඟීමක්; කාමරයේ ඉන්න අය අතරින් වඩාත් ම සිත්ගන්නාසුලු ම පුද්ගලයා මම වෙන්න පුළුවන් වගේ හැඟීමක්, ඒක හරියට අසනීප ගතියක් නැතුව මත්පැන් වීදුරු දහයක් විතර බිව්වා වගේ දෙයක්," ඇය පවසයි.

මෙම ඖෂධ අධිමාත්‍රාවලින් ගන්නා විට, බීමත්ව සිටිනවාට සමාන සංවේදනයක් ඇත.

විශේෂඥයින් අනතුරු අඟවන්නේ, වෛද්‍ය අධීක්ෂණයකින් තොරව ඖෂධ ලබාගැනීම භයානක විය හැකි අතර ඇතැම් අවස්ථාවල ජීවිතයට තර්ජනයක් විය හැකි බව ය. දිගුකාලීනව ඖෂධ භාවිතය ඒවා මත යැපීමට හේතු විය හැක; ඕනෑ ම සමාජ තත්ත්වයක් සඳහා ඔවුන් එය මත යැපෙන බව භාවිත කරන්නන් හඳුනා ගනී. ඖෂධය භාවිතයෙන් ඉවත් වීමට උත්සහ කරන විට කාංසාව, නින්ද නොයාම සහ සියදිවි නසාගැනීමේ සිතුවිලි වැඩි වන බව ද ඔවුහු පවසති.

මෙයි සඳහා, ඇගේ සැබෑ නම නොවේ, රාත්‍රීයේදී පිටතට යන අවස්ථාවලදී ගැනීමට පටන් ගත් දේ එදිනෙදා සාමාජීය අවස්ථාවලට මාරු වී ඇත. දැන් ඇය මෙම ඖෂධ දිනපතා ලබා ගනී.

''මට ඒක නැතුව ගෙදරින් එළියට යන්න බැහැ'' ඇය පවසයි.

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

මෙම තත්ත්වයට පත්ව සිටින්නේ මෙයි පමණක් නොවේ. ලොව පුරා සිටින ඇතැම් තරුණ පිරිස් මත්පැන් සඳහා විකල්ප ලෙස ඖෂධ සහ පර්යේෂණාත්මක ද්‍රව්‍ය වෙත යොමුවෙමින් සිටිති.

1997 සහ 2012 අතර කාලසීමාවේ උපන් Gen Z පරම්පරාව අතර පවතින කාංසාව පෙර කිසිදු පරම්පරාවකට වඩා ඉහළ මට්ටමක පවතී. එක් අධ්‍යයනයකින් සොයා ගැණුනේ, 1990 සිට 2021 දක්වා කාලය තුළ අවුරුදු 10-24 අතර වයස් මට්ටමේ පසුවන්නන් අතර පවතින කාංසා තත්ත්වයන් පිළිබඳ ගෝලීය සිදුවීම් මිලියන 10 සිට මිලියන 16 දක්වා ඉහළ ගොස් ඇති බව ය.

මේ අතර, මත්පැන් පානය වෙනුවට "වඩාත් ම සෞඛ්‍ය සම්පන්න" විකල්ප සෙවීමක්, හැන්ගෝවර් නොමැතිව සමාජ ඖෂධ ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කළ ද්‍රව්‍ය සඳහා නව වෙළඳපොළක් නිර්මාණය කිරීමට උපකාරී වී තිබේ.

"තරුණ පිරිස (මෙම ඖෂධ) දකින්නේ පිරිසිදු, ආරක්ෂිත විකල්පයක් විදිහට යි," යනුවෙන් පවසන ටීසයිඩ් විශ්වවිද්‍යාලයේ ඇබ්බැහි වීම් පිළිබඳ පර්යේෂකයෙකු වන ලියෑම් නෝල්ස් පෙන්වා දෙන්නේ, "මෙය ආරක්ෂාව පිළිබඳ ව්‍යාජ හැඟීමක්" බව ය.

විශේෂයෙන් ම බොහෝ දෙනා මෙම ඖෂධ නීතිවිරෝධී ලෙස ලබාගන්නා බැවින්, සමාජගත වීම සඳහා මෙම ඖෂධ භාවිත කරන තරුණයන් සංඛ්‍යාව නිශ්චිතව ම කොපමණ ද? යන්න දැනගැනීම අපහසු ය.

Nature Communications සඟරාවේ පළ වූ අධ්‍යයනයකට අනුව, භාවිත කරන ලද ඖෂධවලින් එකක් වන ප්‍රිගැබලින් ලොව පුරා සමස්ත භාවිතය 2008 සහ 2018 අතර කාලය තුළ සිව් ගුණයකින් ඉහළ ගොස් ඇතැයි ඇස්තමේන්තු කර තිබේ. එමෙන් ම, ප්‍රිගැබලින් අනිසි ලෙස භාවිත කිරීම සහ ඒ හේතුවෙන් සිදුවන මරණ සංඛ්‍යාව ද තියුණු ලෙස ඉහළ ගොස් ඇත.

A group of young people at a concern

සංගීත ප්‍රසංගයක සිටින තරුණ පිරිසක්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, "Generation Z" අයත් බොහෝ දෙනෙක් මත්පැන් භාවිතය අඩු කරමින් සිටිති

චීනයේදී, ප්‍රිගැබලින් අනිසි ලෙස භාවිත කිරීම පිළිබඳ පළමු සිද්ධි වාර්තා 2024 වසරේදී වාර්තා වීමට පටන් ගත්තේ ය. මෙම වසරේදී එරට රජය මෙම ඖෂධය සම්බන්ධයෙන් පාලන ක්‍රියාමාර්ග දැඩි කිරීමට සැලසුම් කර ඇති බව නිවේදනය කළේ ය. ඉන්දියාව ද ඊට පසුව, මෙම වසරේ මැයි මාසයේදී එහි භාවිතය සීමා කිරීමට පියවර ගත්තේය. ජෝර්දානයේ සහ යුක්රේනයේ පර්යේෂකයන් ද මෙම ඖෂධය අනිසි ලෙස භාවිත කිරීමේ ඉහළ යාමක් නිරීක්ෂණය කර තිබේ.

මෙම ඖෂධ සම්බන්ධ හැෂ්ටැග් සමාජ මාධ්‍ය වේදිකාවල සෙවූ විට වීඩියෝ දහස් ගණනක් දැකගත හැකි අතර, පරිශීලකයන් තමන්ගේම ඖෂධ මිශ්‍රණයක් සකස් කිරීමට දිරිගන්වනු ලැබේ. අන්තර්ජාලය තුළ මෙය ස්ටැකින් ලෙස හැඳින්වේ.

නමුත් සමාජ මාධ්‍ය ඇතැම් තරුණ ජනයාට මෙම ද්‍රව්‍ය හඳුන්වා දීම පමණක් සිදු නොකරන නොවන බව පෙනේ. එය ඔවුන්ට ඒවා ලබා ගැනීමට ද උපකාරී විය හැකි ය.

ඔවුන්ගේ සමාජ මාධ්‍ය ඔස්සේ මෙම ඖෂධ අලෙවි කරන බලපෑම් කරන්නන් සිටින බව බීබීසී ලෝක සේවය විසින් සොයා ගනු ලැබී ය.

මේයි පවසන්නේ, ඇය ඖෂධ මිල දී ගත්තේ චීන සමාජ මාධ්‍ය ඔස්සේ බව ය.

''ඒක විකුණන පෝස්ට් දහස් ගණනක් තිබෙනවා, ඒවා සොයාගෙන ඇණවුම් කරන්නට පහසු යි,'' ඇය පවසයි.

මෙම තත්ත්වය චීනයට සීමාවූවක් නොවේ.

යුක්රේනයේ පාරිභෝගික සේවා සපයන ස්ථානයක සේවිකාවක් වන 26 හැවිරිදි ලෝරා බීබීසීයට පැවසුවේ මෙම ඖෂධ ඉන්ටර්නෙට් හරහා හෝ මිතුරන් හරහා ලබා ගැනීම "පහසු" වූ බව ය.

'යහපත් සිහි කල්පනාවක් සහිත පරම්පරාව'

මෙම ද්‍රව්‍ය කෙරෙහි උනන්දුව වැඩි වන්නේ තරුණ වැඩිහිටියන් වැඩි වැඩියෙන් මත්පැන්වලින් ඈත්වෙමින් සිටින Gen Z 'යහපත් සිහි කල්පනාවක් සහිත පරම්පරාව' යන අන්වර්ථ නාමය ලබාගෙන සිටියදී ය.

බ්ලූම්බර්ග්ට අනුව, ගෝලීය වශයෙන් 2025 දී ඇමරිකානු ඩොලර් බිලියන 830 කින් මධ්‍යසාර තොග පහත වැටිණි. පිරිවැය සහ සෞඛ්‍ය ගැටලු උපුටා දක්වමින් පර්යේෂකයින් යෝජනා කරන්නේ, තරුණ ප්‍රජාව සඳහා වන මත්පැන් පානය කිරීමේ හැසිරීම්වල වෙනසක් මගින් මෙම ප්‍රවණතාව මෙහෙයවනු ලබන බව ය.

A black and white photo of people in a bar drinking
බාර් එකක මත්පැන් පානය කරමින් සිටින පුද්ගලයන්ගේ කළු-සුදු ඡායාරූපයක්.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, 20 වන සියවස පුරා ම, විවේකීව සිටීමට අවශ්‍ය වූ තරුණයන්ගේ ප්‍රධාන තේරීම වූයේ මත්පැන් ය. එහෙත් දැන්, 20 වන වියේ පසුවන ඇතැම් පුද්ගලයන් ඒ වෙනුවට වෛද්‍ය නිර්දේශ මත ලබාදෙන ඖෂධ වෙත යොමුවෙමින් සිටිති.

ඇබ්බැහිවීම් පිළිබඳ පර්යේෂකයෙකු වන නෝල්ස් පවසන්නේ, විනෝදය සඳහා ප්‍රිගැබලින් භාවිත කරන තමන්ට මුණගැසුණු තරුණ පිරිසෙන් බොහෝ දෙනෙකු ඔවුන්ගේ සෞඛ්‍යය සඳහා අවධානය යොමු කර ඇති බව ය.

"මිනිස්සුන්ට කැලරි ප්‍රමාණය, බරට ඇති කරන බලපෑම හෝ වයසට යාමේ ක්‍රියාවලිය අවශ්‍ය නැහැ," ඔහු පවසයි.

එම තර්කය එක්සත් රාජධානියේ 22 හැවිරිදි මැට් සහ මෙම ඖෂධ මත්පැන්වලට වඩා ඔහුගේ ශරීරයට, විශේෂයෙන් ඔහුගේ අක්මාවට සහ හදවතට "බොහෝ අඩු බලපෑමක්" එල්ල කරන බවට විශ්වාස කරන ව්‍යායාම් මධ්‍යස්ථානයට නිතර යන අයෙකු සමග ගැළපේ.

"මෙම සමූහයේ සිටින පිරිස විශ්වාස කරන්නේ, (මෙම ඖෂධ) මත්පැන්වලට වඩා සෞඛ්‍ය සම්පන්න බව යි," ඔහු පවසයි.

'නොමිලේ ලැබෙන ආහාරයක් නොවේ'

මත්පැන් අවම වශයෙන් පිළිකා වර්ග 7කට සම්බන්ධ වී ඇති අතර, ලෝක සෞඛ්‍ය සංවිධානය 2023 දී අනතුරු ඇඟවූයේ ඕනෑ ම ප්‍රමාණයකින් මත්පැන් පරිභෝජනය කිරීම අවදානම් ඇති කරන බව ය.

දීර්ඝ කාලයක් තිස්සේ ඖෂධ සම්බන්ධ නීති ලිහිල් කිරීම වෙනුවෙන් පෙනී සිටි ලන්ඩනයේ ඉම්පීරියල් කොලේජ්හි ස්නායු මනෝ ඖෂධ විද්‍යාඥයෙකු වන මහාචාර්ය ඩේවිඩ් නට්, මෙයි භාවිත කරන ඖෂධවලට තමන්ගේ ම අවදානම් තිබුණ ද, අධික ලෙස මත්පැන් පානය කිරීමට වඩා ඒවා අඩු හානිකර විය හැකි බව පවසයි.

ඔහු පවසන්නේ, ප්‍රිගැබලින් අධිමාත්‍රාවලින් භාවිත කරන විට තත්ත්වය වෙනස් වන බව ය.

"ඔවුන් ඒක මත්වෙන්න යොදා ගන්න මත්ද්‍රව්‍යක් ලෙස භාවිත කරනවා නම්, ඔවුන් ඇබ්බැහි වීමේ අවදානමක තමයි ඉන්නේ," ඔහු පවසයි.

Two young women sit at a table on their phones

තරුණ කාන්තාවන් දෙදෙනෙක් මේසයක් අසල වාඩි වී තම ජංගම දුරකථන භාවිත කරමින් සිටිති.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, තරුණ තරුණියන්ට මෙම ඖෂධ ප්‍රචාරය කරන සමාජ මාධ්‍ය ගිණුම් හරහා ඒවා පිළිබඳ තොරතුරු නිරන්තරයෙන් ලැබේ

විනෝදයට ප්‍රිගැබලින් භාවිත කරන පුද්ගලයින්ට ඉවසීම වර්ධනය විය හැකි අතර ඉන් අදහස් වන්නේ ඔවුන්ට විවේකයට හෝ ප්‍රීතියට සමාන හැඟීමක් ලබා ගැනීම සඳහා වැඩි වශයෙන් අධිමාත්‍රා අවශ්‍ය විය හැකි බව ය.

අධිමාත්‍රාවලදී, ප්‍රිගැබ්ලින් හුස්ම ගැනීමේ වේගය අඩු කළ හැකි අතර, ඇතැම් අවස්ථාවලදී එය ජීවිතයට තර්ජනයක් විය හැකි ය. beta blockers අධිමාත්‍රාවලින් ලබා ගැනීම සිහිමූර්ජා වීමට සහ භයානක ලෙස හෘද ස්පන්ධ වේගය අඩුවීමට හේතුවිය හැක.

ඇබ්බැහි වීමේ අවදානම

ලන්ඩන් කිංග්ස් කොලේජ්හි මනෝ විද්‍යාඥවරියක වන මහාචාර්ය එමිලි ජෝන්ස් තර්ක කරන්නේ, මෙම ඖෂධවලින් සහ මධ්‍යසාරවලින් සිදුවන ශාරීරික හානි සැසඳීමෙන් වඩාත් මූලික ගැටලුවක් මගහැරී යාමේ අවදානමක් ඇති බව ය: ඒ, රසායනික සහය මත පමණක් සමාජගත විය හැකි බව මිනිසුන් විශ්වාස කිරීමට පටන් ගත් විට කුමක් සිදු වේ ද? යන්න ය.

''විශාල ප්‍රමාණවලින් මත්පැන් ලබාගැනීම භයානක යි, නමුත් වෛද්‍යවරයෙකුගේ අධීක්ෂණය යටතේ සිටීමකින් තොරව පුරුද්දක් විදිහට ඖෂධ ගැනීම ද භයානක යි," ඇය පවසයි.

කාංසාව පිළිබඳ හැඟීම් වළක්වා ගැනීමට ඖෂධ භාවිත කිරීම, සාමාන්‍ය සමාජීය අවස්ථා අනාරක්ෂිත බවට පුද්ගලයෙකු තුළ ඇති විශ්වාසය තහවුරු විය හැකි වීම පිළිබඳව ඇය විශේෂයෙන් සැලකිලිමත් වෙයි.

"ඔබ රාත්‍රියේ පිටතට යාමට පෙර (මෙම ඖෂධ) ලබා ගන්නේ නම් පමණක් තමන් ආරක්ෂා වෙයි කියලා විශ්වාස කිරීමට ඔබ පුහුණු වුණොත් ඒක සාමාන්‍ය දෙයක් වීමට පටන් ගැනීම හරි ම පහසු යි," ඇය පවසයි.

කාලයත් සමග, ජෝන්ස් පවසන්නේ, ඖෂධ නොමැතිව තත්ත්වය මෙහෙයවා ගැනීමට ඔවුන් තුළ පවතින හැකියාව පිළිබඳ විශ්වාසය මිනිසුන්ට අහිමි විය හැකි බව ය.

''ඇතැම් දේවල් සමග ඵලදායී ලෙස කටයුතු කිරීමට ඔබ තුළ ම ඇති හැකියාව පිළිබඳ ඔබට තිබෙන විශ්වාසය ඔබට අහිමි වෙලා යයි" ඇය පවසයි.

ලෝරා මෙම විශ්වාසය අත්වින්ඳා ය.

ඇය පළමුවෙන් සාද සහ සමාජයීය උත්සව අවස්ථා සඳහා යාමට පෙර කාංසාව සඳහා ඖෂධ ලබා ගත් නමුත් ඉක්මනින් ම එය රැකියාව කරන විටදී භාවිත කිරීමට ද පටන් ගත්තා ය.

''ඒක මට උදව් වුණා, මම මිනිස්සු එක්ක වැඩ කරනවා. ඒක සන්නිවේදනය සහ ගැටලු විසඳන එක පහසු කළා," ඇය පවසයි.

සති දෙකකදී පමණ ඖෂධය ලබා ගැනීමට නොහැකි වූ විට ඇය පවසන්නේ, ඇය මානසික අවපීඩන තත්ත්වයන් සහ සියදිවි නසාගැනීමේ සිතුවිලි අත්විඳි බව ය.

''මට හිතාගන්න බැරි වුණා මට මොක ද වුණේ කියලා. මම කනස්සලට පත්වුණා, මට කන්න බැරි වුණා, මට ‍යාළුවෝ පේන්න බැරි වුණා." ඇය පවසයි.

කළු කඩ ඖෂධ

මෙම ඖෂධ මර්දනය කිරීමට බොහෝ රටවල් පියවර ගනිමින් සිටීමත් සමග ඇතැමුන් තර්ක කරන්නේ ප්‍රවේශය තවදුරටත් සීමා කිරීමේ විවිධ අනතුරු නිර්මාණය විය හැකි බව ය.

වසංගත රෝග විද්‍යාඥවරියක සහ යුක්රේනයේ Mind Games හානි අවම කිරීමේ සංවිධානයේ ප්‍රධානී මිකීටා ලැපින් පවසන්නේ, ද්‍රව්‍ය තහනම් කිරීමෙන් මිනිසුන් ඒවා ලබා ගැනීම වැළැක්විය නොහැකි බවයි.

"ඇතැම් ද්‍රව්‍ය තහනම් කිරීමෙන් සිදුවන්නේ මිනිසුන් පහසුවෙන් ම බ්ලැක් මාර්කට් එකට යොමු වී ගුණාත්මකභාවය පිළිබඳ සැක සහිත ඖෂධ මිලදී ගැනීම යි, එහිදී අධිමාත්‍රා අවදානමක් තියෙනවා." ඔහු පවසයි.

නෝල්ස් පැවසුවේ, ඔවුන් ලබාගන්නේ කුමක්දැයි නිශ්චිතව ම දැන ගැනීමට භාවිත කරන්නන්ට නොහැකි වීම නිසා නීතිවිරෝධී ප්‍රිගැබලින් අමතර අවදානමක් රැගෙන එන බව ය.

"ඔබ (එක්සත් රාජධානියේ) වෙළඳසලකින් මධ්‍යසාර පානයක් මිල දී ගන්නවා නම්, එහි අඩංගු ඒකක ප්‍රමාණය සහ ප්‍රතිශතය එහි සඳහන් වෙනවා."

ඔහු පැවසුවේ, ඔන්ලයින් ක්‍රමය ඔස්සේ මිල දී ගන්නා ප්‍රිගැබලින් සඳහා සෑම විට ම සමාන විශ්වාසනීයත්වය අපේක්ෂා කළ නොහැකි බව ය.

එය මධ්‍යසාර බෝතලයක් සමග නොපැමිණෙන අමතර අවදානමකි.

විනෝදය සඳහා මෙම ඖෂධ භාවිත කරන බොහෝ දෙනෙකු මෙන් ම, මෙයි ද ඇයට කිසි දිනෙක සම්පූර්ණයෙන් ම අත්මිදීමට නොහැකි වනු ඇතැයි කණස්සල්ලට පත්ව සිටින්නීය.

"ඒක භයානක යි, ඒක නැතුව කොහොම ඉන්න ද කියලා මම දන්නේ නැහැ."