චීනය: ඇත් දළ මිල අඩකින් අඩු වෙයි

Published

පසුගිය වසර එකහමාර ඇතුළත චීනයේ ඇත් දළ විකිණෙන මිල ගණන් සියයට පනහකට ආසන්න ප්‍රමාණයකින් පහත වැටී ඇති බව වාර්තා සඳහන් කරයි.

ඇත් දළ මිල පහත වැටීම නිසා අප්‍රිකාවේ ඇතුන් දඩයම් කිරීම අඩු විය හැකි බවයි විශ්වාස කෙරෙන්නේ.

සමීක්‍ෂකයන් පවසන්නේ චීන ආර්ථිකයේ මන්දගාමිත්වය මෙන්ම ඇත් දළ වෙළඳපළ නිසා ලොවට ඇති වන අහිතකර බලපෑම ගැන ජනතාවගේ දැනුවත් භාවය ඉහල යාම ද ඇත් දළ මිල පහත වැටීමට හේතු වී ඇති බවයි.

ක්‍රියාධරයන්ගේ මතය වී තිබෙන්නේ අලි ඇතුන් වඳ වී යාමේ අනතුර වළක්වා ගත හැක්කේ ඇත් දළ සඳහා තිබෙන ඉල්ලුම පහල දැමීම මගින් පමණක් බවයි.

නමුත් තවමත් අලි ඇතුන් දඩයම පහත වැටී ඇති බවක් වාර්තා වී නැත.