BBC News, සිංහල - ප්‍රධාන පුවත්
ප්‍රධාන පුවත
ශ්‍රී ලංකාවේ ඉංග්‍රීසී භාෂා ප්‍රවීණතාව තවදුරටත් පහළ මට්ටමක: ඉංග්‍රීසි භාෂා ප්‍රවීණතා දර්ශකය හෙළි කරයි
ශ්‍රී ලංකාවේ ඉංග්‍රීසි භාෂා ප්‍රවීණතාව තවදුරටත් පහළ මට්ටමක පවතින බව EF ඉංග්‍රීසි භාෂා ප්‍රවීණතා දර්ශකයේ (EF EPI) නවතම වාර්තාව අනාවරණය කර තිබේ. 2025 EF ඉංග්‍රීසි භාෂා ප්‍රවීණතා දර්ශකයට අනුව, රටවල් 123ක් අතරින් ශ්‍රී ලංකාව පසු වන්නේ 73 වන ස්ථානයේ ය. ඒ අනුව, ශ්‍රී ලංකාවේ ඉංග්‍රීසි භාෂා ප්‍රවීණතාව "පහළ ප්‍රවීණතා" (Low Proficiency) කාණ්ඩයට අයත් වේ.
නැගෙනහිර සරසවියේ හිටපු උපකුලපති ඝාතනය: පිල්ලෙයාන් ඇතුළු සිව් දෙනෙකුට එරෙහිව අධිචෝදනා
2009 වසරේදී නැගෙනහිර විශ්වවිද්‍යාලයේ එවකට උපකුලපති ධූරය දැරූ මහාචාර්ය සුබ්රනියම් රවීන්ද්‍රනාත් පැහැරගෙන ගොස් විවිධ වධ හිංසා පමුණුවා මරා දැමීමේ සිද්ධියට අදාළව නැගෙනහිර පළාත් හිටපු ප්‍රධාන ඇමති පිල්ලෙයාන් හෙවත් ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් ඇතුළු විත්තිකරුවන් සිව් දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් පොළොන්නරුව මහාධිකරණය හමුවේ (අගෝ: 17) වෙන් වෙන් වශයෙන් අධිචෝදනා ගොනු කරනු ලැබී ය.
ජේසන් ආර්ඩේ: 'බුද්ධිමය සොරාගැනීම් කළ බවට' ආන්දෝලනයකට මැදිව සිටි කේම්බ්‍රිජ් මහාචාර්යවරයා මියගොස් සිටියදී හමුවෙයි
අන් අයගේ අදහස් තමන්ගේ ලෙස ඉදිරිපත් කරමින් බුද්ධිමය සොරාගැනීම් කළ බවට වන (plagiarism) ආන්දෝලනයකට මැදිව සිටි කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ හිටපු මහාචාර්ය ජේසන් ආර්ඩේ මියගොස් සිටියදී හමුවී තිබේ. සිකුරාදා පස්වරුවේ දකුණු ලන්ඩනයේ බැටර්සීහි ස්ථානයකදී පුද්ගලයෙකු "කිසිදු ප්‍රතිචාරයක් නොදක්වන" තත්ත්වයෙන් හමුවූ බව හදිසි සේවා අංශ පැවසීය.
තද උණුසුම් කාලගුණයේදී සිරුර සිසිල්ව තබන ඇඳුම් නිවැරදිව තෝරාගන්නේ කොහොම ද?
කාලගුණය වියළි හෝ තෙතමනය සහිත ද? අඳින්නේ කුමක්දැයි තෝරා ගැනීමේදී ඔබ ඇසිය යුතු වැදගත් ම ප්රශ්නය මෙයයි.
ෆැටී ලිවර් ඇති වන්නේ අරක්කු බිව්වොත් විතර ද? අක්මාව අකර්මණ්‍ය වුණොත් ඔබට කුමක් වෙයි ද?
අක්මාව යනු මිනිස් සිරුරේ අත්‍යවශ්‍ය ම අංගයක් වන අතර, එහි ක්‍රියාකාරීත්වයට බලපෑමක් එල්ල වුවහොත් සෞඛ්‍ය ගැටලු රැසකට මුහුණ පෑමට සිදුවන හෙයින් ඒ පිළිබඳව අවබෝධයක් ලබා ගැනීම වැදගත් වනු ඇත. ලෝක ජනගහනයෙන් 30%කට අධික ප්‍රතිශතයක් ෆැටී ලිවර් රෝගී තත්ත්වයෙන් පෙළෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. එනම්, සෑම පුද්ගලයින් තිදෙනෙකුගෙන් එක් අයෙකු එම රෝගයෙන් පෙළෙයි.
BBC News සිංහල දැන් WhatsApp ඔස්සේ
ඔබට ඩේටා ඉතුරු කර ගැනීමට අවශ්‍ය ද?
අවම ඩේටා ප්‍රමාණයකින් කියවිය හැකි අපගේ පෙළ පමණක් සහිත වෙබ් පිටුව කියවන්න
විශේෂාංග
'මත්ද්‍රව්‍ය පරික්ෂාවන් බව පවසමින්' පොලිසියට ඔබගේ ශරීරාංග ප්‍රසිද්ධ ස්ථානවලදී පරීක්ෂා කළ හැකි ද?
"ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11 ව්‍යවස්ථාවේ තියෙනවා පුද්ගලයෙක් කුරිරු අමානුෂික වධ බන්ධනයන්ට ලක්වීම මූලික අයිතිවාසිකම් කඩවීමක් කියලා. මේ වධ බන්ධනය ශාරීරික වෙන්නත් පුළුවන්, මානසිකව වෙන්නත් පුළුවන්. ඒ වගන්තියේ ශාරීරික සහ මානසික කියන එක නිශ්චිතව දක්වලා තියෙනවා. කෙනෙක්ට ගහලා කරලා නැති වෙන්න පුළුවන් හැබැයි මානසිකව ඇදවැටෙන විදිහට නම් ඒ දේවල් කරලා තියෙන්නේ එතැනදී ප්‍රශ්නයක් තියෙනවා"
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ව්‍යවස්ථාවට සිදුවිය හැකි වෙනස්කම් මොනවා ද?
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව මේ වන විට දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ. ඊට අදාළ පනත් කෙටුම්පත ඇතුළත් ගැසට් පත්‍රය අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයාගේ නියමය පරිදි 2026 අගෝස්තු 07 වන දා නිකුත් කෙරිණි.
ගණේමුල්ල සංජීව ඝාතනය: රැඳවුම් නියෝග කාලය අවසන් කළ ඉෂාරා සෙව්වන්දිට අධිකරණය දුන් නියෝගය
කොළඹ අපරාධ කොට්ඨාසය මෙම සැකකාරිය අද (අගෝ: 10) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලියාන් වරුසවිතාන හමුවට පමුණුවමින් දැනුම් දී තිබුණේ මෙම සැකකාරියට අදාළ රැඳවුම් නියෝග මේ වනවිට අවසන් වී තිබෙන බව ය. ඒ අනුව සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කළ බව පොලිසිය දැනුම් දුන්නේ ය.
පාස්කු ඉරිදා ප්‍රහාරය: 'මරණීය දණ්ඩනය පිළිගන්නේ නැහැ' - කතෝලික සභාව
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර මාලාව වළක්වා ගැනීමට කටයුතු නොකිරීම, රාජකාරිය පැහැර හැරීම සහ මනුෂ්‍ය ඝාතනයට අනුබල දීමේ චෝදනාවලට වරදකරුවන් කෙරුණු හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට සහ හිටපු ආරක්ෂක අමාත්‍යංශ ලේකම් හේමසිරි ප්‍රනාන්දුට මරණ දඬුවම හිමිව ඇති පසුබිමක මරණ දණ්ඩනය පිළිනොගන්නා කාදිනල් හිමියන් ප්‍රකාශ කර තිබේ.
අලි - මිනිස් ගැටුම අවම කරන්න ආණ්ඩුව හඳුන්වා දීමට යන 'උණ බම්බු ජෛව වැට' කුමක් ද?
අලි - මිනිස් ගැටුම හේතුවෙන් වාර්ෂිකව මෙරට මිනිස් ජීවිත 100කට වැඩි සංඛ්‍යාවක් සහ අලි ඇතුන් 300කට වැඩි සංඛ්‍යාවක් මිය යන බව දත්ත වාර්තාවල සඳහන් වේ. එසේ අලි - මිනිස් ගැටුම පාලනය කිරීම වෙනුවෙන් යෙදූ විසඳුම් අතර විදුලි වැට අද වන විටත් භාවිත වන අතර, ඒවා ද කඩා දමා අලි ගම්වදින අවස්ථා රැසක් වාර්තා වී තිබේ.



















































