වෙළෙඳ රහස් සොරකම් කිරීම ඇතුළු චෝදනා 10කට Huawei සමාගම වරදකරු වෙයි

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, රේෂල් ක්ලන්
- Role, ව්‍යාපාර වාර්තාකරු
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 4
ඇමෙරිකා එක්සත් ජනපදයේ පැවති සුවිශේෂී නඩු විභාගයකදී, වෙළඳ රහස් සොරකම් කිරීමට කුමන්ත්‍රණය කිරීම සහ බැංකු වංචා සිදු කිරීම යන චෝදනාවලට හුවාවේ (Huawei) සමාගම වරදකරු බවට තීන්දු වී තිබේ.
කෙසේ වෙතත්, එම නඩුවේදී ඔවුන්ට එරෙහිව එල්ල වී තිබූ වඩාත් බරපතළ සංවිධානාත්මක අපරාධ චෝදනාවෙන් එම සමාගම නිදොස් කොට නිදහස් කර ඇත.
මාස දෙකක් පුරා පැවති නඩු විභාගයේදී, තරගකාරී වාසියක් ලබා ගැනීම සඳහා බොරු කීම, වංචා කිරීම සහ සොරකම් කිරීම කළ බවට පැමිණිල්ලේ නීතිඥයෝ චීනයේ දැවැන්ත තාක්ෂණික සහ විදුලි සංදේශ සමාගම වන හුවාවේ (Huawei) වෙත චෝදනා කළහ.
කෙසේ වෙතත්, හුවාවේ සමාගම අපරාධ සංවිධානයක් බවට පැමිණිල්ලේ නීතිඥයින් කලින්ම තීරණය කර ඒ මත පදනම්ව නඩුව ගොඩනඟා ඇති බවත්, සමාගමේ සාර්ථකත්වයට හේතුව ඔවුන්ගේම නව නිපැයුම් බවත් හුවාවේ සමාගමේ විත්තියේ නීතිඥ කණ්ඩායම තර්ක කළේය.
සංවිධානාත්මක අපරාධ චෝදනාවෙන් නිදොස් කොට නිදහස් කිරීම මගින් "මෙම චෝදනාවලට කිසිදු සත්‍ය පදනමක් නොමැති බව තහවුරු වන" බව හුවාවේ (Huawei) සමාගම පැවසීය. තම අයිතිවාසිකම් සහ අවශ්‍යතා ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් "අවශ්‍ය සියලුම නීතිමය පියවර ගන්නා" බවද එම සමාගම වැඩිදුරටත් පැවසීය.

ඡායාරූප මූලාශ්‍රය, REUTERS/Jane Rosenberg
බෘක්ලින් අධිකරණයේ ජූරි සභිකයින් විසින් හුවාවේ (Huawei) සමාගමට එරෙහිව එල්ල වූ චෝදනා 12න් 10කට එම සමාගම වරදකරු බවට තීන්දු කරන ලදී. ඇමෙරිකානු සම්බාධක උල්ලංඝනය කිරීමට කුමන්ත්‍රණය කිරීමද ඊට ඇතුළත් විය.
කෙසේ වෙතත්, එම සමාගම අපරාධ ව්‍යාපාරයක් ලෙස ක්‍රියා කළ බවට තහවුරු කිරීමට අවශ්‍ය වූ සංවිධානාත්මක අපරාධ කුමන්ත්‍රණ චෝදනාවට හුවාවේ සමාගම වරදකරු කිරීම ජූරි සභාව ප්‍රතික්ෂේප කළේය.
2018 වසරේ අගභාගයේදී කැනඩාවේදී එහි ජ්‍යෙෂ්ඨ විධායක නිලධාරිනී මෙන්ග් වන්ෂෝ අත්අඩංගුවට ගැනීමේ ආන්දෝලනාත්මක සිදුවීමෙන් පසුව, ෆෙඩරල් නීතිඥයින් විසින් 2019 වසරේදී හුවාවේ සමාගමට එරෙහිව මෙම චෝදනා මුල් වරට ප්‍රකාශයට පත් කරන ලදී.
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
කැතී මෙන්ග් යනුවෙන්ද හැඳින්වෙන ඇය, ඇමෙරිකානු නීතිඥයින් සමඟ ඇති කරගත් එකඟතාවයකින් පසු නැවත චීනයට යාමට නිදහස් කිරීමට පෙර වසර තුනක කාලයක් කැනඩාවේ රඳවාගෙන සිටියාය.
පසුගිය සතියේ පැවති අවසන් තර්ක විතර්ක අතරතුරදී, සහකාර ඇමෙරිකානු නීතිඥ මෙරඩිත් ආෆා ජූරි සභිකයින්ට පැවසුවේ හුවාවේ (Huawei) සමාගම සිය ව්‍යාපාර පුළුල් කිරීම සඳහා වසර 20ක් පුරා කළ හැකි සෑම දෙයක්ම කළ බවයි. තරගකාරී වාසියක් තහවුරු කර ගැනීම සඳහා ඉරානයේ සිදු කළ ව්‍යාපාරික ගනුදෙනු පිළිබඳව බැංකුවලට බොරු කීම සහ තරගකාරී සමාගම්වලින් තාක්ෂණික රහස් සොරකම් කිරීමද ඊට ඇතුළත් බව ඇය සඳහන් කළාය.
"දශක ගණනාවක් තිස්සේ හුවාවේ සහ එහි අනුබද්ධිත සමාගම් තුනක් ඇමෙරිකා එක්සත් ජනපදය තුළ සිය ව්‍යාපාර කටයුතු පවත්වාගෙන ගියේ බොරුව සහ සොරකම පදනම් කරගෙනයි," යනුවෙන් ඇමෙරිකානු නීතිපති ටොඩ් බ්ලැන්ච් නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.
"FBI ආයතනයේ සහ අපගේ ෆෙඩරල් නීතිඥයින්ගේ කැපවීමට ස්තූතිවන්ත වන්නට, මෙම අපරාධ ක්‍රියාවල නිරත වූවන්ට ඒ සඳහා වගකීමට සිදු වනු ඇත," යැයි ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
කෙසේ වෙතත්, විත්තියේ නීතිඥ බ්‍රයන් හෙබර්ලිග් පැවසුවේ රටවල් 170ක මෙහෙයුම් සහ 200,000කට අධික කාර්ය මණ්ඩලයක් සමඟ හුවාවේ සමාගමේ ව්‍යාපාරය පුළුල් වූයේ ඔවුන්ගේ දැඩි කැපවීම සහ වෙහෙස මහන්සි වී වැඩ කිරීම නිසා බවයි.
තීන්දුවෙන් පසුව බීබීසීය වෙත අදහස් දක්වමින් හෙබර්ලිග් පැවසුවේ සංවිධානාත්මක අපරාධ චෝදනාව ජූරි සභාව විසින් ප්‍රතික්ෂේප කිරීම පිළිබඳව හුවාවේ සමාගම සතුටු වන බවයි.
"හුවාවේ යනු අපරාධ සිදු කිරීමේ ආයතනික සංස්කෘතියක් සහ ප්‍රතිපත්තියක් ඇති දූෂිත සංවිධානයක් බවට චෝදනා කළ RICO පනත යටතේ වූ චෝදනාව අපගේ දැක්මට අනුව සීමාව ඉක්මවා ගිය එකක් වූ අතර, ජූරි සභාව එය තරයේ ප්‍රතික්ෂේප කළා," ඔහු පැවසීය.
"ඇත්ත වශයෙන්ම, තීන්දුවේ ඉතිරි කොටස් පිළිබඳව අපට ඇත්තේ මිශ්‍ර හැඟීමක්... සියලුම චෝදනාවලින් හුවාවේ සමාගම නිදොස් කොට නිදහස් වීමට සුදුසු බව අපි විශ්වාස කළා," යැයි ඔහු සඳහන් කළේය.
මෙම නඩුවේ දඬුවම් නියම කිරීම 2027 සැප්තැම්බර් මාසයේදී සිදු කිරීමට නියමිතය. හැකි අවම දඬුවම ලබා ගැනීම සඳහා "සැලකිය යුතු මැදිහත්වීමක්" සිදු කරන බවත්, ඉන් අනතුරුව හුවාවේ සමාගම අභියාචනයක් ඉදිරිපත් කරනු ඇතැයි තමන් සම්පූර්ණයෙන්ම අපේක්ෂා කරන බවත් හෙබර්ලිග් පැවසීය
"මම Huawei සමාගම ගැන දන්නා තරමට, මෙම නීතිමය සටන තවදුරටත් ඉදිරියට ම යනු ඇත. අභියාචන ක්‍රියාවලිය හරහා තමන්ට ඉදිරිපත් කළ හැකි අවසාන තර්කය දක්වා ම ගෙන යමින්, අවසානයේදී නිර්දෝෂීභාවය තහවුරු කර ගැනීමට උත්සහ කරන තෙක් සමාගම නතර නොවනු ඇත," ඔහු පැවසීය.

































