ප්‍රංශය: ආරක්ෂක භටයන් ලක්‍ෂයක් මුර සංචාරයේ

Published

පැරිස් ප්‍රහාරයෙන් අනතුරුව ප්‍රංශය පුරා ආරක්ෂක භටයන් එක්ලක්ෂ පහළොස් දහසක් මුර සංචාරයේ යොදවා ඇති බව ප්‍රංශ අභ්‍යන්තර කටයුතු පිළිබඳ ඇමතිවරයා පවසයි.

ඉස්ලාමීය කැරලිකරුවන් අල්ලා ගැනීම සඳහා තවත් වැටලීම් සහ හදිසි මෙහෙයුම් 128ක් දියත් කළ බවද ඔහු පැවසීය.

මීට අමතරව සිරියාවේ IS කැරලිකරුවන්ගේ බලකොටුවලට ඊයේ රාත්‍රියේ ද ප්‍රංශය ගුවන් ප්‍රහාර එල්ල කර තිබේ.

පසුගිය සිකුරාදා පැරිසියට එල්ල වුණු ප්‍රහාර මාලාවෙන් 129 දෙනෙකු මිය ගිය අතර ප්‍රහාරයේ වගකීම ඉස්ලාමීය රාජ්‍ය සංවිධානය භාර ගෙන ඇත.

IS සංවිධානය විනාශ කර දමන බවට ඊයේ (16) ප්‍රංශ පාර්ලිමේන්තුව ඇමතූ ප්‍රංශ ජනාධිපති ෆ්රන්ශුවා ඔලෝන්ද් ප්‍රතිඥා දුන්ණේය.

ප්‍රංශය මේ වන විට යුද්ධයකට අවතීර්ණ වී ඇති බවයි ඔහු තවදුරටත් කියා සිටියේ.