යුරෝපීයයන්ට වඩා ආසියානුවන්ගෙන් පිරුණු ඕස්ට්‍රේලියාව

Will Melbourne soon be Australia's most populous city?
ඡායාරූප ශීර්ෂ වැකිය, මෙල්බෝර්න් නගරය
Published

පසුගිය වසරේ ඕස්ට්‍රේලියාවේ පැවති සංගණනයේ ප්‍රතිඵල දැන් නිකුත් වී තිබේ.

ඕස්ට්‍රේලියාවේ බොහෝ අංශ සම්බන්ධයෙන් පැහැදිලි චිත්‍රයක් මේ ප්‍රතිඵල මගින් ගම්‍ය වන අතර, ඕස්ට්‍රේලියාවේ ජනගහනය යුරෝපීයයන්ට වඩා ආසියානුවන්ගෙන් සමන්විත බව එම සංගණනය මගින් අනාවරණය වූ එක් ප්‍රධාන කරුණකි.

සංක්‍රමණිකයන් ගෙන් සැදුම්ලත් නූතන ඕස්ට්‍රේලියාවේ ජනගහණයෙන් 49% ක්ම විදේශයන්හි උපත ලැබූවන් හෝ විදේශයන්හි උපත ලැබූ එක් දෙමාපියකුගේවත් දරුවෙකි.

1979 දක්වා බලපැවැත්වුනු "සුදු ඕස්ට්‍රේලියාව" ප්‍රතිපත්තිය ඕස්ට්‍රේලියාවට පැමිණි සංක්‍රමණිකයන් බහුතරය යුරෝපා වැසියන් වුවත් අලුත්ම සංගණනය අනුව වර්තමානයේ එහි වෙසෙන සංක්‍රමණිකයන් අතරින් බහුතරය යුරෝපීයයන් නොවේ.

විදේශයන්හි උපත ලැබූ ඕස්ට්‍රේලියානුවන් ගෙන් 40% ක් ආසියාවේ උපත් ලැබූවන් බව සංගණනයෙන් හෙළි විය.

2001 දී විදේශයන්හි උපත ලැබූවන් අතරින් ආසියානුවන් සිටියේ 24%කි. ඒ අතර යුරෝපයේ උපත ලැබූ ඕස්ට්‍රේලියානුවන් පිරිස 52% සිට 34% දක්වා පහල වැටී තිබේ.

The face of Australia is changing
ඡායාරූප ශීර්ෂ වැකිය, ඕස්ට්‍රේලියාවේ වෙනස් වෙන මුහුණුවර

රටවල් වෙන් වෙන්ව සලකා බලන විට විදේශයන්හි උපත ලැබූවන් අතරින් වැඩිම පිරිස, එනම් 15% ක් සංක්‍රමණය වී තිබෙන්නේ එංගලන්තයෙනි. චීනයේ සිට 8.3%ක් සහ ඉන්දියාවේ සිට 7.4% ක් මෑත වසරවලදී ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වී තිබේ.

පහත දැක්වෙන්නේ සංගණනයේ තවත් විශේෂ ලක්ෂණ කිහිපයකි:

'ආගමක් නෑ'

ඕස්ට්‍රේලියානු ඉතිහාසයේ පළමු වතාවට වැඩිම පුරවැසියන් පිරිසක් (29.6%)ක් තමන්ට ආගමක් නොමැති බව පවසා තිබේ.

එය 2001 සංගණනයට වඩා 16% කින් වැඩිවීමකි.

ඉන් අනතුරුව ආගම අනුව සලකා බලන විට වැඩිම පිරිස කතෝලිකයෝය. එය 22.6% කි.

එංගලන්ත සභාවේ භක්තිකයන් 13.3% ක්, කිසිවක් සඳහන් නොකළ 9.6% ක්, ඉස්ලාම් භක්තිකයන් 2.6% ක්, බෞද්ධයන් 2.4% ක් සහ හින්දු භක්තිකයන් 1.9% ක් ද එරට වෙසෙන බව සංගණනයෙන් හෙළිවිය.

මෙල්බෝර්න් 'විශාලම නගරය වේවි'

ස්ථිර පදිංචිකරුවෙකු ලෙස වසර හතරක්

ජනගහනය සලකා බලන විට ඕස්ට්‍රේලියාවේ ප්‍රසිද්ධම නගරය වන සිඩ්නි නුවරට වඩා ඉතා ඉක්මනින්ම මෙල්බෝර්න් නගරයේ ජනගහනය ඉහල යාමේ හැඩක් දක්නට ලැබේ.

මේ වනවිට සිඩ්නි නුවර ලක්ෂ 48 ක ජනකායක් වෙසෙන අතර ලක්ෂ 44 ක් වෙසෙන මෙල්බෝර්න් නුවර ජනගහනය ඉතා ඉක්මනින් වර්ධනයවෙමින් පවතී.

සිඩ්නි නුවරට වඩා මෙල්බෝර්න් නුවර නිවාස කුලියට ගැනීම ලාභදායක වීම එයට එක් හේතුවක් විය හැකිය.

භාෂා 300 ක්

ඕස්ට්‍රේලියාවේ පුරවැසිභාවය පිරිනැමීම සඳහා පැවති උත්සවයක්
ඡායාරූප ශීර්ෂ වැකිය, ඕස්ට්‍රේලියාවේ පුරවැසිභාවය පිරිනැමීම සඳහා පැවති උත්සවයක්

ඕස්ට්‍රේලියාවේ නිවාස තුල 300 කට වැඩි විවිධ භාෂා භාවිතවන බව ද සංගණනයෙන් හෙළි වී තිබේ.

ඒ අනුව රටවැසියන්ගෙන් විශාල පිරිසක් (22.2% ක්) සිය නිවසේදී ඉංග්‍රීසි භාෂාව කතා නොකරන අතර, රටේ බහුලවම භාවිත වන විදේශීය භාෂාව (2.5% ක්) මැන්ඩරීන්ය.

අරාබි භාෂාව රටවැසියන්ගෙන් 1.4% ක් භාවිත කරන අතර, කැන්ටනීස්, වියට්නාම සහ ඉතාලි භාෂා රටවැසියන් අතරින් 1.2% බැගින් සිය නිවෙස් තුළ භාවිත කරති.