පාපන්දු කණ්ඩායමට පහර දීම: සැකකරුවෙකු අත්අඩංගුවට

Police at Dortmund training ground
Published

ජර්මනියේ පාපන්දු කණ්ඩායමක් ගමන් ගත් බස් රථයට ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් සැක කෙරෙන පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනිණි.

පොලිසිය පවසන්නේ සැකකරු සහ "ඉස්ලාමීය කණ්ඩායම්" අතර සබඳතා ඇතැයි සැක කෙරෙන බවය.

සැකකරුවන් දෙදෙනෙකු කෙරෙහි මූලික වශයෙන් විමර්ශන යොමු වූ අතර ඔවුන්ගේ නවාතැන්පොළවල් ද පරීක්ෂා කෙරුණු බව ඒ පිළිබඳ පරීක්ෂණ මෙහෙයවන කණ්ඩායමේ ප්‍රධානියා පැවසීය.

ඒ අනුව සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

'බරුසියා ඩොර්ට්මුන්ඩ්' පාපන්දු කණ්ඩායම ගමන් ගත් බස් රථය බෝම්බ ප්‍රහාර තුනකට ගොදුරු විය.