ඉරාක හමුදාවෙන් දැවැන්ත මෙහෙයුමක්

මොසුල් ගුවන්තොටුපළ කැරලිකරුවන්ගෙන් මුදාගැනීම මෙම මෙහෙයුමේ ප්‍රධාන අරමුණවී ඇතිබව පෙනෙන්නට තිබේ
Published

මෝසුල් නගරයේ බටහිර ප්‍රදේශය ඉස්ලාමීය රාජ්‍ය කැරලිකරුවන්ගෙන් මුදාගැනීම සඳහා ඉරාක හමුදාව දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කරයි.

අද (පෙබ.19) හිමිදිරියේ මෙම මෙහෙයුම ආරම්භ කෙරුණු අතර පැය කිහිපයක් ඇතුළත මොසුල්හි දකුණු ප්‍රදේශයේ ගම්මාන අත්පත්කර ගැනීමට හැකිවූ බව ඉරාක හමුදාව නිවේදනය කළේය.

මොසුල් ගුවන්තොටුපළ කැරලිකරුවන්ගෙන් මුදාගැනීම මෙම මෙහෙයුමේ ප්‍රධාන අරමුණවී ඇතිබව පෙනෙන්නට තිබේ.

සොල්දාදුවන් දහස් ගණනක්

මෙම ප්‍රදේශය තුළ කොටුවී සිටින සාමාන්‍ය වැසියන්ගේ ජීවිත ආරක්‍ෂාව පිළිබඳව සැක පහළකරමින් වාර්තා පළවිය.

ප්‍රහාරක හෙලිකොප්ටර් යානාවල සහාය ඇතිව සොල්දාදුවන් දහස් ගණනක් යොදවා දියත් කෙරෙන මෙම මෙහෙයුම නිල වශයෙන් නිවේදනය කරනු ලැබුවේ ඉරාක අගමැතිවරයා විසිනි.

සති කිහිපයක් තිස්සේ පැවති සටන්වලින් අනතුරුව මොසුල් නුවර නැගෙනහිර ප්‍රදේශය පසුගිය මාසයේදී ඉරාක හමුදාව අතට යළි පත්විය.