'මැතිව්'ට බියේ නිවෙස් හැර යති

Hurricane Matthew
Published

'මැතිව්' නමින් හැඳින්වෙන, දශකයක් තුළ දී ඇතිවූ භයානකම කැරිබියානු කුණාටුව බහමාස් දූපත දෙසට කඩා වැදීම හේතුවෙන් මිලියන ගණනක් ජනතාව තම ගෙවල් දොරවල් අතහැර ඇමරිකානු මුහුදු තීරය වෙත පළායමින් සිටිති.

ඇමරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා වන රික් ස්කොට් අනතුරු ඇඟවූයේ මෙම කුණාටුව කෙලින්ම ප්‍රාන්තය ඔස්සේ හමා ගිය හොත් අතිශය දරුණු විනාශයක් සිදුවිය හැකි බවයි.

දහවල් කාලය වන විට කුණාටු තත්වය වර්ධනය වූ අතර වර්ෂාව මෙන්ම පැයට කිලෝමීටර දෙසීයක වේගයෙන් හමායන සුළඟ හේතුවෙන් තවත් ඇමරිකානු ප්‍රාන්ත තුනක හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කොට තිබේ.

Hurricane Matthew

ෆ්ලොරිඩා ප්‍රාන්තයේ අධිවේගී මාර්ග කිහිපයක වෙරළාසන්න පෙදෙස් වලින් ඉවතට දිවෙන එක් මංතීරුවක් පමණක් විවෘත කොට ඇති අතර ඉන්ධන පිරවුම්හල් සහ කඩ සාප්පු හිස්වී ඇත්තේ ජනතාව අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ගබඩා කර ගැනීම හේතුවෙනි.

Hurricane Matthew