'අපේ දරුවෝ පාසලේ ඉගෙන ගන්න අතරේ පාසලේ ඉඳන් අපි ඇඳුම් මහලා සල්ලි හොයනවා'

වීඩියෝ ශීර්ෂ වැකිය, පාසල් සිසුන්ගේ දෙමාපියන්ට මුදල් ඉපයීමේ මාර්ගයක් සකසා දුන් විදුහල්පතිවරයා
'අපේ දරුවෝ පාසලේ ඉගෙන ගන්න අතරේ පාසලේ ඉඳන් අපි ඇඳුම් මහලා සල්ලි හොයනවා'
Published

පාසලට දරුවන් රැගෙන එන මව්වරුන් පාසල අවසන් වන තෙක් නිකරුණේ කාලය ගත කිරීම වෙනුවට ඔවුන්ට මුදල් උපයා ගැනීම සඳහා ක්‍රමවේදයක් පොළොන්නරුව, අභයපුර මහා විද්‍යාලයේ විදුහල්පතිවරයා ආරම්භ කර තිබේ.

ඒ අනුව පාසලේ අත්හැර දමා තිබූ ගොඩනැගිල්ලක් පිළිසකර කර ඇඳුම් මැසීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන යයි.

ඉන් ලැබෙන ලාභය මව්වරුන් අතරේ බෙදී යන අතර පාසල මගින් දෙමව්පියන්ගෙන් මුදල් ගැනීම වෙනුවට පාසලෙන් දෙමව්පියන්ට ශක්තියක් වීම මෙහි අරමුණ බව විදුහල්පති චන්දන කුමාර BBC සිංහල සේවයට පැවසීය.