රනිල් වික්‍රමසිංහ වැඩබලන ජනපති ලෙස අගවිනිසුරු ඉදිරියේ දිවුරුම් දෙයි

රනිල් වික්‍රමසිංහ වැඩබලන ජනපති ලෙස අගවිනිසුරු ඉදිරියේ දිවුරුම් දෙයි
Published
කියවීමේ කාලය: මිනිත්තු 1

අගමැති රනිල් වික්‍රමසිංහ අද (ජූලි 15) අගවිනිසුරු ජයන්ත ජයසුරිය ඉදිරියේ වැඩබලන ජනපතිවයා ලෙස දිවුරුම් දුන් බවට අග්‍රාමාත්‍ය කාර්යාලයේ ප්‍රකාෂකයකු බීබීසී සිංහල සේවයට පැවසීය.

රනිල් වික්‍රමසිංහ වැඩබලන ජනපති ලෙස අගවිනිසුරු ඉදිරියේ දිවුරුම් දෙයි

ඔහු පැවසුවේ කොළඹදී රනිල් වික්‍රමසිංහ මෙසේ වැඩබලන ජනපති ලෙස දිවුරුම් දුන් බවයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ඉල්ලා අස්වීමෙන් ඇතිවූ පුරප්පාඩුව හේතුවෙන් අග්‍රාමාත්‍යවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලැබුණු ප්‍රතිපාදන අනුව රනිල් වික්‍රමසිංහ මෙලෙස වැඩබලන ජනාධිපති ධුරයෙහි දිවුරුම් දෙනු ලැබීය.

Skip X post
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post

රනිල් වික්‍රමසිංහ වැඩබලන ජනපති ලෙස අගවිනිසුරු ඉදිරියේ දිවුරුම් දෙයි