පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල;ශ්‍රී ලංකාවට පදක්කම් දෙකක්

Commomnwealth games
ඡායාරූප ශීර්ෂ වැකිය, දිනූෂා හංසනී ගෝමස්, කාන්තා කිලෝ ග්‍රෑම් 48 බර පන්තියේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් විය.
Published

විසිඑක් වෙනි පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකාව මේ වනවිට ලෝකඩ පදක්කම් දෙකක් දිනා ගැනීමට සමත්ව ඇත.

Commomnwealth games
ඡායාරූප ශීර්ෂ වැකිය, දිනූෂා හංසනී ගෝමස්

එම පදක්කම් දෙක දිනාගනු ලැබ තිබෙන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩිකා දිනූෂා හංසනී ගෝමස් සහ ක්‍රීඩක චතුරංග ලක්මාල් ජයසූරිය විසිනි.

21 වැනි පොදු රාජ්‍ය මණ්‌ඩලීය ක්‍රීඩා උළෙල පැවැත්වෙන්නේ ඔස්ට්‍රේලියාවේ 'ගෝල්ඩ්කෝස්‌ට්'‌ නගරයේය.
ඡායාරූප ශීර්ෂ වැකිය, 21 වැනි පොදු රාජ්‍ය මණ්‌ඩලීය ක්‍රීඩා උළෙල පැවැත්වෙන්නේ ඔස්ට්‍රේලියාවේ 'ගෝල්ඩ්කෝස්‌ට්'‌ නගරයේය.

දිනූෂා හංසනී ගෝමස්, කාන්තා කිලෝ ග්‍රෑම් 48 බර පන්තියේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් වූ අතර, පිරිමි කිලෝ ග්‍රෑම් 56 බර පන්තියේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට චතුරංග ලක්මාල් ජයසූරිය සමත් විය.

Commomnwealth games
ඡායාරූප ශීර්ෂ වැකිය, පිරිමි කිලෝ ග්‍රෑම් 56 බර පන්තියේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට චතුරංග ලක්මාල් ජයසූරිය සමත් විය.

පිරිමි කිලෝ ග්‍රෑම් 56 බර පන්තියේ තරඟයේ රන් පදක්කම මැලේසියාව දිනා ගත් අතර රිදී පදක්කම ඉන්දියාවට හිමි විය.

Commomnwealth games
ඡායාරූප ශීර්ෂ වැකිය, චතුරංග ලක්මාල් ජයසූරිය

කාන්තා කිලෝ ග්‍රෑම් 48 බර පන්තියේ රන් පදක්කම ඉන්දියාව විසින් දිනාගනු ලැබුණි.

එහි රිදී පදක්කම හිමි වුණේ මුරුසියටයි.

21 වැනි පොදු රාජ්‍ය මණ්‌ඩලීය ක්‍රීඩා උළෙල පැවැත්වෙන්නේ ඔස්ට්‍රේලියාවේ 'ගෝල්ඩ්කෝස්‌ට්'‌ නගරයේය.

එහි සමාරම්භක උළෙල බදාදා ( අප්‍රියෙල් 04) මහත් උත්සවාකාරයෙන් සිදු විය.

රටවල් හැත්තෑ එකක් මෙම විසිඑක් වෙනි පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළ නියෝජනය කරන අතර ඊට සහභාගී වෙන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සංඛ්‍යාව 6500 ඉක්මවයි.

ක්‍රීඩා උළෙල දින එකොළහක කාලයක් පැවැත්වෙනු ඇත.

තවත් ක්‍රීඩා පුවත්;