ගුවනින් වැටුන සෙබළා මියයයි

ගුවන් භටයා අඩි 25 ක් පමණ ඉහළින් රඳවා තිබුණ හෙලික්ප්ටර් යානයෙන් බිම වැටී ඇත.
ඡායාරූප ශීර්ෂ වැකිය, ගුවන් භටයා අඩි 25 ක් පමණ ඉහළින් රඳවා තිබුණ හෙලික්ප්ටර් යානයෙන් බිම වැටී ඇත.
Published

ගාල්ල නෙළුව ප්‍රදේශයේ ආපදාවට පත් කණ්ඩායමක් බේරා ගැනීමේ මෙහෙයුමක නිරත වෙමින් සිටියදී හෙලිකොප්ටර් යානයකින් බිම ඇද වැටුන ගුවන් හමුදා සෙබළා මරණයට පත්විය.

ගංවතුරට ගොදුරු වූ පුද්ගලයකු කේබලයක ආධාරයෙන් ගුවනින් ගෙනයමින් සිටියදී ඔහු බිම ඇද වැටුන අතර ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කොට ප්‍රතිකාර ලබමින් සිටියේය.

බේරා ගැනීමේ ගුවන් මෙහෙයුමක්
ඡායාරූප ශීර්ෂ වැකිය, බේරා ගැනීමේ ගුවන් මෙහෙයුමක්
සෙබළා රෝහල කරා
ඡායාරූප ශීර්ෂ වැකිය, සෙබළා රෝහල කරා

තුවාල ලද එම ගුවන් හමුදා සෙබලා මරණයට පත් වූ බව ශ්‍රී ලංකා යුද හමුදාවේ ප්‍රකාශක බ්‍රිගේඩියර් රොෂාන් සෙනෙවිරත්න බීබීසී සංදේශයට ප්‍රකාශ කළේය.