සයිටම් නිලධාරියාගේ රථයට වෙඩි

Gun
Published

මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය සමීර සේනාරත්න ගමන්ගත් මෝටර් රථයට වෙඩි ප්‍රහාරයක් එල්ල වූ බව පොලිසිය පවසයි.

මුහුණු ආවරණය වන සේ හිස්වැසුම් පැළඳ යතුරු පැදියකින් පැමිණි දෙදෙනකු සයිටම් වෛද්‍ය විද්‍යාලය අසලදී එම ප්‍රහාරය එල්ල කර පලාගොස් තිබේ.

එම වෙඩි තැබීමෙන් කිසිවකුට හෝ තුවාල සිදු වී නොමැත.

පරීක්ෂණ සඳහා විශේෂ කණ්ඩායම් දෙකක් එම ස්ථානයට පිටත්කර ඇති බව ද පොලිසිය පවසයි.