ක්‍රිකට් ලෝක කුසලාන: ශ්‍රී ලංකාවට පළමු ජයග්‍රහණය

Sri Lanka cricket 2019
Published

එංගලන්තයේ මේ දිනවල පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් ශූරතාවලියේදී සිය පළමු ජයග්‍රහණය අත්පත් කරගැනීමට ශ්‍රී ලංකාව සමත්විය.

ඒ වේල්සයේ කාඩිෆ් නුවර සොෆියා ගාර්ඩ්න් ක්‍රීඩාංගණයේදී ඇෆ්ඝනිස්තානයට එරෙහිව ලකුණු 34 ක ජයග්‍රහණයක් වාර්තා කරමිනි.

තරඟයේ කාසියේ වාසිය දිනූ ඇෆ්ගනිස්තාන කණ්ඩායම පළමුව පන්දු යැවීමට තීරණය කළේය.

වර්ෂාව හේතුවෙන් තරඟය නතර කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 33ක් අවසානයේ දී කඩුලු 8ක් දැවී ලකුණු 182ක් රැස් කර සිටියේය.

නමුත් වර්ෂාව නිසා පැය දෙකකට ආසන්න කාලයක් ප්‍රමාද වීම හේතුවෙන් එක් ඉනිමක් පන්දුවාර 41කට සීමා කරන ලදී.

ජේෆ්රි වැන්ඩසේ, මිලින්ද සිරිවර්ධන සහ අවිශ්ක ප්‍රනාන්දු ජූනි 04 තරගයට ක්‍රීඩා කිරීමට ද ඇතුළත් වී නොසිටියහ.

ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කරමින් නායක දිමුත් කරුණාරත්න සහ කුසල් පෙරේරා පළමුව පිටියට පිවිසියහ.

පන්දු 45කදී ලකුණු 30ක් රැස් කරගත් දිමුත් කරුණාරත්න උඩ පන්දුවක් ලබා දීමෙන් දැවී ගිය අතර, කුසල් පෙරේරා පන්දු 81කට මුහුණ දෙමින් ලකුණු 78ක් රැස් කළේය. වමත් පිතිකරුවෙකු වන 28 හැවිදිරි කුසල් පෙරේරාගේ ඉනිම හතරේ පහරවල් 8කින් වර්ණවත් විය.

Sri Lanka cricket 2019
ඡායාරූප ශීර්ෂ වැකිය, කුසල් පෙරේරා

ඇන්ජලෝ මැතිව්ස්, ධනංජය ද සිල්වා සහ නුවන් ප්‍රදීප් ලකුණු නොලබා දැවී ගිය අතර, පන්දු දෙකකට මුහුණ දුන් කුසල් මෙන්ඩිස්ට අද දින ලබා ගත හැකි වූයේ ද ලකුණු දෙකක් පමණි.

වර්ෂාව හේතුවෙන් තරගය නතර කරන විට සුරංග ලක්මාල් සහ ලසිත් මාලිංග පන්දුවට පහර දෙමින් සිටියහ.

ලහිරු තිරිමාන්න ලකුණු 25යි.

කුසල් මෙන්ඩිස් ලකුණු 2යි

ධනංජය ද සිල්වා ලකුණු 0යි.

ඇන්ජලෝ මැතිව්ස් 0යි.

තිසර පෙරේරා ලකුණු 2යි.

ඉසුරු උදාන ලකුණු 10යි.

ලසිත් මාලිංග ලකුණු 4යි.

සුරංග ලක්මාල් නොදැවී ලකුණු 15යි.

නුවන් ප්‍රදීප් 0යි.

ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ දඟ පන්දු යවන මොහොමඩ් නබී 22වෙනි පන්දුවාරයේ දී කඩුලු තුනක් දවා ගැනීමට සමත් විණි. පන්දුවාර නවයක් යැවූ ඔහු ලබා ගත් මුළු කඩුලු සංඛ්‍යාව හතරකි.

වේග පන්දු යවන දව්ලාත් සද්‍රාන් සහ දඟ පන්දු යවන රෂීඩ් ඛාන් කඩුලු දෙක බැගින් ලබා ගත්හ.

පසුගිය සෙනසුරාදා ලෝක කුසලාන තරඟාවලියේ මුහුණ දුන් පළමු තරඟයේදී ශ්‍රී ලංකාව නවසීලන්තය හමුවේ අන්ත පරාජයකට පත්විය.

2019 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන තෙවෙනි තරගය ජුනි 07 වෙනිදා පාකිස්තානය සමග බ්‍රිස්ටල්හි පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකා කණ්ඩායම දිගින් දිගටම මුහුණ දෙන පරාජයන් ගැන සමාජ මාධ්‍ය ජාලවල ශෝකය, කෝපය මෙන්ම හාස්‍ය මුසු වූ වැකි පළ වෙමින් තිබේ.

Sri Lanka cricket 2019
Sri Lanka cricket 2019
Sri Lanka cricket 2019
Sri Lanka cricket 2019

මේ අතර, කුසල් මෙන්ඩිස් තරග කීපයක දී ලකුණු නොලබා හෝ ඉතා අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී යෑම ගැන ද විවිධ අදහස් පළ වී තිබිණි.

Sri Lanka cricket 2019
Sri Lanka cricket 2019

මේ තොරතුරුද කියවන්න: