පුංචි පාපන්දු ලෝලියා සිහින විරුවා දෑතේ

Supreme Committee
Published

සුපිරි පාපන්දු ක්‍රීඩක ලයනල් මෙසී ගේ අංක 10 සඳහන් ටී ෂර්ටයට සමාන කමිසයක් හැඳ අන්තර්ජාලයේ ප්‍රසිද්ධියට පත් ඇෆ්ගනිස්තාන දරුවාට සිය වීරයා හමු වීමට භාග්‍ය උදා වී තිබේ.

පොලිතින් බෑගයක් යොදා ගනිමින් සකස් කරන ලද කමිසයක් හැඳ පාපන්දු ක්‍රීඩාවේ යෙදෙන හය හැවිරිදි මුර්ටාසා අහ්මාඩිගේ රුව සහිත ඡායාරූපය පසුගිය ජනවාරි මාසයේදී සමාජ මාධ්‍ය තුළ විශාල වශයෙන් පළ විය.

ඒ සමග පාපන්දු ශූර ලයනල් මෙසී ගේ අත්සනින් යුත් අංක 10 සහිත පාපන්දු ජර්සියක් මුර්ටාසා වෙත තෑගි වශයේ ලැබිණ.

Photo of Murtaza in his homemade shirt

නමුත් කුඩා මුර්ටාසාට සිය සුපිරි වීරයා සියැසින් දැක ඔහු මුණ ගැසීමට ද අවස්ථාව උදා වූ බව 2022 වසරේ පැවැත්වීමට නියමිත පාපන්දු ලෝක කුසලාන උළෙලේ සංවිධායක මණ්ඩලය පවසයි.

ඇෆ්ගනිස්තානයේ ගාන්සි පළාතේ විසූ මුර්ටාසා ඇතුළු ඔහුගේ පවුලේ සාමාජිකයන්ට එම ප්‍රදේශය හැර පසුගිය මැයි මාසයේදී පාකිස්තානය බලා පලා යාමට සිදු විය.