BBC News, සිංහල - ප්‍රධාන පුවත්
ප්‍රධාන පුවත
පාස්කු ප්‍රහාරයේ 'මහමොළකරු' බව කී නවුෆර් මවුලවි සියලු චෝදනා ප්‍රතික්ෂේප කරමින් අධිකරණයට කිව්වේ මොනවා ද?
නවුෆර් මවුලවි විත්ති කූඩුවේ සිට සිය විත්ති වාචකය ඉදිරිපත් කරමින්, "ස්වාමීනි.... මෙම නඩුවෙන් මට චෝදනා එල්ල කරලා තිබෙනවා, පාස්කු ප්‍රහාරය සිදු කළ සහරාන්, වස්තුන්, ඉන්සාබ්, ඉල්හාම් ඇතුළු මරාගෙන මැරෙන ප්‍රහාරකයින් ඇතුළු නව දෙනෙකු සමග තමන් එක්ව ජාතික එකමුතුව බිඳ හෙලමින් අන්තවාදය හා ත්‍රස්තවාදය උත්සන්න වන ආකාරයේ ක්‍රියාවන් සිදුකළ බවට... එම ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් මට එරෙහිව මේ නඩුව තුළින් චෝදනා 940 ක් එල්ල කර තිබෙනවා. මේ සියලු චෝදනා මා ප්‍රතික්ෂේප කරනවා," යනුවෙන් සඳහන් කළේ ය.
'මිලියන ගාණක වැටුප අතහැර' ආණ්ඩුවේ සභාපති ධූරයක් ගත් බුද්ධික හේවාවසම් ඉල්ලා අස්වුණේ ඇයි?
වත්මන් රජය බලයට පත්ව ගෙවී ගොස් ඇති වසර දෙකකට ආසන්න කාලය තුළ ඉල්ලා අස්වූ ආයතන ප්‍රධානීන් ලැයිස්තුවට තවත් සභාපතිවරයෙකු එකතු වී තිබේ. ඉල්ලා අස්වී ඇති නවතම සභාපතිවරයා වන්නේ, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ (SLTDA) සභාපති ධූරයේ කටයුතු කළ බුද්ධික හේවාවසම් ය.
අකිල විරාජ් සහ අනෙක් සැකකරු ඇප මත මුදා හරිමින් මහේස්ත්‍රාත්වරයා පැවසුවේ කුමක් ද?
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඩ් භාරයට පත්කර සිටි හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් සහ ඔහුගේ ඉන්ධන හලේ සේවකයා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ ය. අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිසමේ නිලධාරීන් සහ සැකකරුවන්ගේ නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මෙම නියෝගය නිකුත් කළේ ය.
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත පාර්ලිමේන්තුවට: යෝජිත වෙනස්කම් මොනවා ද?
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව මේ වන විට දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ. ඊට අදාළ පනත් කෙටුම්පත ඇතුළත් ගැසට් පත්‍රය අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයාගේ නියමය පරිදි 2026 අගෝස්තු 07 වන දා නිකුත් කෙරිණි.
පෞද්ගලික වාණිජ බැංකු 4ක නිලධාරීන් සිව්දෙනා රිමාන්ඩ් කළ නඩුවේදී හෙළි වූ කරුණු
ශ්‍රී ලංකාවට භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඇමෙරිකානු ඩොලර් බිලියනයක මුදලක් වංචාසහගත අන්දමින් රටින් පිට කිරීම සඳහා ආධාර අනුබල දෙන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද වාණිජ බැංකු හතරක නිලධාරීන් සිව්දෙනකු අගෝස්තු 20 වන දා දක්වා රිමාන්ඩ් භාරයේ රඳවා තැබීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලියාන් වරුසවිතාන අගෝ. 17 නියම කළේ ය.
BBC News සිංහල දැන් WhatsApp ඔස්සේ
ඔබට ඩේටා ඉතුරු කර ගැනීමට අවශ්‍ය ද?
අවම ඩේටා ප්‍රමාණයකින් කියවිය හැකි අපගේ පෙළ පමණක් සහිත වෙබ් පිටුව කියවන්න
විශේෂාංග
'මත්ද්‍රව්‍ය පරික්ෂාවන් බව පවසමින්' පොලිසියට ඔබගේ ශරීරාංග ප්‍රසිද්ධ ස්ථානවලදී පරීක්ෂා කළ හැකි ද?
"ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11 ව්‍යවස්ථාවේ තියෙනවා පුද්ගලයෙක් කුරිරු අමානුෂික වධ බන්ධනයන්ට ලක්වීම මූලික අයිතිවාසිකම් කඩවීමක් කියලා. මේ වධ බන්ධනය ශාරීරික වෙන්නත් පුළුවන්, මානසිකව වෙන්නත් පුළුවන්. ඒ වගන්තියේ ශාරීරික සහ මානසික කියන එක නිශ්චිතව දක්වලා තියෙනවා. කෙනෙක්ට ගහලා කරලා නැති වෙන්න පුළුවන් හැබැයි මානසිකව ඇදවැටෙන විදිහට නම් ඒ දේවල් කරලා තියෙන්නේ එතැනදී ප්‍රශ්නයක් තියෙනවා"
'හොඳ පපුවා'ගේ සිට අද දක්වා: මරණ දඬුවම ගැන ශ්‍රී ලංකාව තැබූ දීර්ඝ විරාමය අවසන් වෙයි ද?
මත්ද්‍රව්‍ය සම්බන්ධ අපරාධ සඳහා මරණ දඬුවම ලබා දීම සම්බන්ධයෙන් "රට ම එකට" ජාතික මෙහෙයුම් සභාවේදී අවධානය යොමු වී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය ඊයේ (අගෝස්තු 10) නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ය. බීබීසී සිංහල කළ විමසීමකට පිළිතුරු දෙමින් බන්ධනාගාර කොමසාරිස් සේනක පල්ලේතැන්න කියා සිටියේ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සඳහා වන 'අළුගෝසු' හෙවත් 'වධක' තනතුර සඳහා නිලධාරීන් දෙදෙනෙකු මේ වන විට බඳවා ගෙන ඇති බව ය.
ගණේමුල්ල සංජීව ඝාතනය: රැඳවුම් නියෝග කාලය අවසන් කළ ඉෂාරා සෙව්වන්දිට අධිකරණය දුන් නියෝගය
කොළඹ අපරාධ කොට්ඨාසය මෙම සැකකාරිය අද (අගෝ: 10) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලියාන් වරුසවිතාන හමුවට පමුණුවමින් දැනුම් දී තිබුණේ මෙම සැකකාරියට අදාළ රැඳවුම් නියෝග මේ වනවිට අවසන් වී තිබෙන බව ය. ඒ අනුව සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කළ බව පොලිසිය දැනුම් දුන්නේ ය.

















































