විදේශගත ශ්‍රමිකයන්ට රු. ලක්ෂ 50ක සහනදායී නිවාස ණය යෝජනා ක්‍රමයක්
විදේශගත ශ්‍රමිකයන්ගේ නිවාස අවශ්‍යතා සපුරාලීම සඳහා රු. ලක්ෂ 50ක් දක්වා වූ ඉහළ සහන සහිත නිවාස ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කරන බව ජනාධිපතිවරයා පවසනවා.
මෙම යෝජනා ක්‍රමය යටතේ, රු. ලක්ෂ 30ක් දක්වා 10%ක පොළී සහනාධාරයක් ද ඉතිරි රු. ලක්ෂ 20 සඳහා 5%ක පොළී සහනාධාරයක් ලබා දීමට කටයුතු කරන බව ඔහු සඳහන් කරනවා.
පළමු රු. ලක්ෂ 30 සඳහා 6%ක දායකත්වයක් රජය විසින් ද, 4%ක දායකත්වයක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් ද ඉතිරි රු. ලක්ෂ 20 සඳහා 3%ක දායකත්වයක් රජය විසින් ද, 2%ක දායකත්වයක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් ද දැරීමට යෝජනා කරන බව ජනාධිපතිවරයා පවසනවා.
මෙම පොළී සහනාධාර යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීම සඳහා 2027 වර්ෂයේදී රජයේ දායකත්වය ලෙස රු. මිලියන 1,000ක මුදලක් වෙන් කිරීමට යෝජනා කරන බව ඔහු සඳහන් කරනවා.

