මහර බන්ධනාගාරය අසල තත්ත්වය
මහර බන්ධනාගාරය අසල සවස තත්ත්වය දැක්වෙන ඡායාරූප කිහිපයක් අප වර්තාකරුගෙන් බීබීසීය වෙත ලැබී තිබෙනවා.



මහර බන්ධනාගාරයේ පුනරුත්ථාපන අංශය, අමුත්තන් පෙන්වන ස්ථානය, බන්ධනාගාර රෝහල, බන්ධනාගාර මුළුතැන්ගෙය හා කර්මාන්ත අංශ සහ බන්ධනාගාර ගොඩනැගිලි රාශියකට ද රැඳවියන් විසින් අලාභ හානි කර ඇතැයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.
බීබීසී සිංහල
මහර බන්ධනාගාරය අසල සවස තත්ත්වය දැක්වෙන ඡායාරූප කිහිපයක් අප වර්තාකරුගෙන් බීබීසීය වෙත ලැබී තිබෙනවා.



මහර බන්ධනාගාරයේ උදගත්ව ඇති බව කියන සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු දැන ගැනීම සඳහා බීබීසී සිංහල අධිකරණ ඇමති හර්ෂණ නානායක්කාරගෙන් විමසීමක් කළා.
"රැඳවියන් පිරිසක් වහළය මත ඉන්නවා කියලා තමයි තොරතුරු එන්නේ. මේ වනවිට සියලු ම නිලධාරීන් බන්ධනාගාර කොමසාරිස් ඇතුළුව ඒ අවශ්‍ය කටයුතු කරනවා ඒක සමනයට පත් කරන්න," ඔහු දුරකතනය ඔස්සේ බීබීසීය සමග සම්බන්ධ වෙමින් පැවසුවා.
මෙය ගැටුමක් ද යන්න අප ඔහුගෙන් විමසූ අතර ඊට පිළිතුරු දෙමින් ඔහු මෙලෙස සඳහන් කළා.
"දන්නේ නැහැ. කිසි තොරතුරක් මට නැහැ. දැනුයි ඒක වෙන්නේ දැන් ටිකකට කලින් තමයි මට ඔය තොරතුරු ටිකත් ආවේ."
මහර බන්ධනාගාරයේ "නොසන්සුන්තාවක්" හට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක එෆ්.යූ. වුට්ලර් බීබීසී සිංහල වෙත පැවසුවා. ඒ පිළිබඳව සජීව තොරතුරු අප මෙම පිටුව ඔස්සේ ඔබ වෙත ගෙන ඒමට සූදානමින්. රැඳී සිටින්න අපත් සමග.