නවසීලන්තයට භූමිකම්පාවක්

Published

නවසීලන්තයේ ‘දකුණු දූපතේ ක්‍රිස්ට්චර්ච්’ නගරයේ ඇති වූ භූමිකම්පාවකින් වෙරළාසන්නයේ කඳු ගැටයක් කඩා වැටී තිබේ.

වැලන්ටයින් දිනයේ මධ්‍යහන 1.13ට හට ගත් භූමි කම්පාවෙන් බරපතළ ජීවිත හානි හෝ දේපළ හානි වාර්තා වී නැත.

භූමි කම්පාව ඇතිවන අවස්ථාවේ 'ක්‍රිස්ට්චර්ච්' නගරයේ වෙරළ දිය මත ලිස්සා යාමේ ක්‍රීඩාවේ යෙදෙන්නන් සහ පිහිනුම් කරුවන්ගෙන් කාර්ය බහුලව පැවති බවයි වාර්තා වන්නේ.

පුද්ගලයන් එකසිය අසූ පස් දෙනකුට මරු කැඳවමින් 2011 දී නවසීලන්තයේ ඇතිවූ මාරාන්තික භූමිකම්පාවේ අනුස්මරණ දිනයට දින කිහිපයකට පෙර ඇතිවූ මෙම භූමිකම්පාව රික්ටර් මාපකයේ සඳහන් වූයේ මැග්නිටියුඩ් 5.7 ක් ලෙසයි.

පැසිපික් කලාපයේ ප්‍රසිද්ධ ගිනි කඳු පිපිරීම් සහ භූමිකම්පා නිරන්තරයෙන් සිදු වන ස්ථාන වළල්ලක් මැදයි නවසීලන්තය පිහිටා තිබෙන්නේ.