'කුරිරු' ස්ත්‍රී දූෂකයන් සොයා පොලිස් මෙහෙයුම්

ඝාතනය හෙළා දැක උද්ඝෝෂණයේ යෙදෙන ඉන්දීය තරුණියන්
ඡායාරූප ශීර්ෂ වැකිය, ඝාතනය හෙළා දැක උද්ඝෝෂණයේ යෙදෙන ඉන්දීය තරුණියන්
Published

මානසික ආබාධයකින් පෙළෙන නේපාල ජාතික තරුණියක් දූෂණය කර මරා දැමීමට සම්බන්ධ සැකකරුවන් සොයා පරීක්ෂණ මෙහෙයවන බව ඉන්දීය පොලිසිය පවසයි.

මේ අතර තරුණියගේ ඝාතනය සම්බන්ධයෙන් ජනතාව දැඩි කෝපයට පත් වී සිටිති.

කපා කොටා දැමූ දූෂණයට ලක් තරුණියගේ මළ සිරුර ඉන්දියාවේ හර්යානා ප්‍රාන්තයේ වෙලක තිබී සොයා ගෙන තිබේ.

ඇය අතුරුදහන් වූ අවස්ථාවේ ක්ෂණිකව ක්‍රියාත්මක වීමට අපොහොසත් වූ බව පවසමින් තරුණියගේ ඥාතීහු පොලිසියට චෝදනා කරති.

උද්ඝෝෂකයෝ මහාමාර්ග අහුරා පොලිසියේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් කෝපය පළ කළහ.

දෙදහස් දොළහ වසරේ දිල්ලි අගනුවරදී සිසුවියක් දූෂණයට ලක් වීමත් සමග කාන්තාවන්ට එරෙහිව සිදු වන ලිංගික ප්‍රචණ්ඩ ක්‍රියා ඉන්දියාව තුළ ආන්දෝලනයට තුඩු දී තිබේ.