නියපොතු සැපීමෙන් ආසාත්මිකතා අඩුවේ ?

nail biting
Published

මහපටැඟිල්ල උරාබීමට හෝ නියපොතු සැපීමට හුරුවී සිටින ළමුන් වැඩි වශයෙන් විෂබීජ වලට විවෘත වන නිසා ඔවුන් තුළ විවිධාකාරයේ අසාත්මිකතා (allergies) වර්ධනය වීමට ඇති හැකියාව අඩු බව නවසීලන්තයේ කළ විද්‍යාත්මක ගවේෂණයකින් හෙළි වී ඇත.

ළමුන් දහසක් පමණ ළමා කාලයේ සිට වැඩිහිටියන් බවට පත්වෙන තෙක් පරීක්ෂාවට ලක් කරමින් කරන ලද එම අධ්‍යයනයෙන් හෙළිවී ඇත්තේ එම පුරුදුවලින් එකකට හෝ හුරුවී නැති ළමුන් තුළ පසුකාලීනව විවිධ අසාත්මිකතා වර්ධනය වීමේ හැකියාව වැඩි බවයි.

young girl sucking her thumb

ඇඟිලි උරාබීම සහ නියපොතු සැපීම යන පුරුදු දෙකම තිබේ නම් එයින් ලැබෙන ප්‍රයෝජනය වඩා වැඩි බවද හෙළිවී තිබේ.

කෙසේවුවද, මහපටැඟිල්ල උරාබීම සහ නියපොතු සැපීම අසාත්මිකතාවන්ට සම්බන්ධතා ඇති ලෙඩ රෝග අඩු වීමට හේතුවක් වන බවට සාධක නැති බවයි ප්‍රයේෂකයන් පවසන්නේ.

එබැවින් ළමුන් නිරතුරුව අත් සේදීමට හුරු කළ යුතු බවයි මෙම පර්යේෂණයේ තොරතුරු ප්‍රකාශයට පත්කර ඇති ඇමරිකානු සඟරාවක් වන පීඩියට්‍රික්ස් (Paediatrics) හි සඳහන්වන්නේ.