'මොහාන් පීරිස් තවමත් ධුරයෙන් ඉල්ලා අස්වී නෑ'

නීතිඥ විජේරත්න කොඩිප්පිලි
ඡායාරූප ශීර්ෂ වැකිය, නීතිඥ විජේරත්න කොඩිප්පිලි
Published

අග විනිසුරු මොහාන් පීරිස් තවමත් ධුරයෙන් ඉල්ලා අස්වී නැති බව ඔහුගේ ප්‍රකාශකයා ලෙස පෙනී සිටින නීතිඥ විජේරත්න කොඩිප්පිලි පවසයි.

වර්තමානයේ අග විනිසුරු ධුරය සම්බන්ධයෙන් සිදු කෙරෙන වෙනස් වීම් ඇතුළු ක්‍රියාවලිය පිළිබඳව අග විනිසුරු මොහාන් පීරිස් නීති විශාරදයන් සමඟ අධ්‍යනය කරමින් සිටින බවයි නීතිඥ විජේරත්න වැඩි දුරටත් කියා සිටියේ.

අග විනිසුරු මොහාන් පීරිස් ඉදිරි දින කිහිපය ඇතුළත ඒ සම්බන්ධයෙන් ජනතාවට ප්‍රකාශයක් කරනු ඇති බව නීතිඥ කොඩිප්පිලි පැවසුවේය.

අග විනිසුරු ධුරයෙන් ඉල්ලා අස් වීමට රජය මොහාන් පීරිස්ට ඉල්ලීමක් කර නැති බවත් රජයේ ප්‍රකාශයෙන් පැවසෙන්නේ ඔහුගේ පත්වීම නීත්‍යානුකුල නැති බව පමණක් වන බවයි නීතිඥ කොඩිප්පිලි කියා සිටියේ.