නාමල් රාජපක්ෂට ඇප දීමට කොළඹ මහේස්ත්‍රාත් දුන් තීන්දුව ගැන මහාධිකරණයෙන් තීන්දුවක්

    • Author, බීබීසී සිංහල
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 2

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට පත්කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඉකුත් දා නිකුත් කළ නියෝගය අත්හිටුවමින් කොළඹ මහාධිකරණය අද (නොවැ: 18) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේ ය.

කොළඹ මහාධිකරණ විනිසුරු ලාල් බණ්ඩාර රණසිංහ විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේ, අල්ලස් කොමිසම කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව ය.

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇප මත මුදා හැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය දුන් නියෝගය නීතියට පටහැනි බවත්, එය ප්‍රතිශෝධනය කරන ලෙසත් ඉල්ලා අල්ලස් කොමිසම විසින් කොළඹ මහාධිකරණය වෙත මෙම ප්‍රතිශෝධන පෙත්සම ඉදිරිපත් කර තිබිණි.

වැඩිදුර තොරතුරු බලාපොරොත්තු වන්න...